යෝජනා සම්මත කළත් රනිල්ට අගමැති වෙන්න බෑ - ගම්මන්පිල
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් පාර්ලිමේන්තුවේදී 12දා යෝජනා සම්මත කළද වික්‍රමසිංහ මහතා යළිත් අගමැතිධූරයට පත් කිරීමට අවස්ථාවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (10දා) පැවසීය.
අභියාචනාධිකරණය විසින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් කර නැති බවත්,ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට පස් වැනි වරට අගමැතිධූරයට පත් වීම සඳහා තවත් ඉවසීමට සිදුවන බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.
පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා,
“හෙට(12) දින රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පල කරලා යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරන්න නියමිතයි. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව ඒ යෝජනාව සම්මත කරන්න සම්බන්ධ වෙන මන්ත්රිවරුන්ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමටත් නියමිතයි.
රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන නිසා එතුමා අගමැති ධූරයට පත් කරන්න කියලා ජනාධිපතිවරයාට නියෝගයක් ලබාගන්න. නමුත් උසාවිය එහෙම නියෝගයක් කරන්න නම් අගමැති ධූරයේ පුරප්පාඩුවක් තිබෙන්න ඕන. නමුත් දැනට අගමැති තනතුරෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කර නැහැ.
අභියාචනාධිකරණය ප්‍රකාශ කර තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයේ කටයුතු කිරීම අත්හිටුවීමක් පමණයි. එහෙම නැතුව අගමැති ධූරයෙන් ඉවත් කරලත් නෑ. තනතුර අහිමි වුණු බවට ප්‍රකාශ කරලත් නෑ. එහෙම කළ හැක්කේ නඩුව අසා අවසන් වීමෙන් පසුව පමණයි. මේක හරියට විනය පරීක්ෂණයක් කරන විට වැඩ තහනම් කරනවා වගේ වැඩක්. තනතුර අහිමි වන්නේ විනය පරීක්ෂණයෙන් වැරදිකරු වුණොත් විතරයි.
නමුත් ඒ කාලය තුල ගෙදරට වී තනතුරේ සිටිනවා මිස තනතුරේ රාජකාරි කරන්න බෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමාට වෙලා තිබෙන්නෙත් අන්න ඒ වගේ වැඩක්. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, පස් වතාවක් අගමැති වීමේ ශ්‍රී ලංකා වාර්තාවට තව ඉවසන්න වෙනවා."

popular news
-
chandana Monday, 10 December 2018 07:22 PM
පච උනා මදිද තවත් කටමෙත දොඩවන්නේ
Reply : 0 2
rocky Monday, 10 December 2018 07:36 PM
මොන බලයක් ඇතුවද මෙයා මෙහෙම කියන්නේ? කට ඇරියොත් පලාතම වර්චස් ගඳ යි.
Reply : 0 4
Nandana Tuesday, 11 December 2018 04:24 PM
හිනාවෙන හොරා (laughing robber ) කියල ෆිල්ම් එකෙක් තිබුන. මට ඖෂට්රෙලිය ගේමේ එක මතක් උනා,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
