යූනියන් අභියෝග කළා කියා මට ගාණක් නෑ - රවී
තෙල් නලය එළීමේදී අවතැන්වන ජනතාවට නිවාස ලබාදීමට කටයුතු කර තෙල් නලය එළන ලෙසත් තමන් වෘත්තීය සමිතිවල අභියෝගවලට බිය නොවන බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණනායක මහතා පවසයි.
මට්ටක්කුලිය ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“අවුරුදු 11ක් ඛනිජ තෙල් සංස්ථාවේ අදක්ෂතාව අපේ අහිංසක උතුරු කොළඹ ජනතාව තුළින් ගන්න බෑ. තෙල් නළයක් යනවා ඒක ඇත්ත. නමුත් මේ සම්බන්ධයෙන් මොකක්ද කරලා තිබෙන්නේ.
මම උතුරු කොළඹ මන්ත්‍රීවරයා වශයෙන් කොයි එක්කෙනෙක් ඇවිල්ල අභියෝග කර ජනතාව නෙරපා හරින්න ඉඩ දෙන්නේ නෑ.
මේක ඛනිජ තෙල් සංස්ථාව වෙන්නෙ පුළුවන් ඕන එකක් වෙන්න පුළුවන් දුන්න පොරොන්දුව ක්‍රියාත්මක කරන්න තිබෙනවා.
ඔය යූනියන් වල අභියෝග කළා කියලා අපට කිසි ගණනක් නෑ. ඒ අය මේ සම්බන්ධයෙන් කථා කරන්නත් අවශ්‍ය නෑ. කබීර් හෂීමුයි මමයි අපේ අමාත්‍යාංශ ලේකම්වරුයි කථා කරලා තිබෙන්නේ.
මේ අහිංසක ජනතාව ගෙයින් තල්ලු කරන්නද කිය්නේ. ධනපතියන්ට උදව් කරන්නද හදන්නේ. ඛනිජ තෙල් සංස්ථාවෙන් සල්ලි දෙන්න ඕන. තෙල් නල පුපුරවනවා කියලා හරියන්නේ නෑ.”

popular news
-
Bandula. Sunday, 30 June 2019 05:33 PM
ane puduma karunawak ne [ahala wela thiyenne, ara banku siddiya iwara welaada?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

