යුද හමුදා බුද්ධි නිලධාරියා අත්අඩංගුවට

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අනුව යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ලුතිනන් කර්නල් එරන්ත පීරිස් මහතා අද (20දා) රාත්‍රි‘යේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මහතා හෙට (21දා) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (20දා) සවස ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණු අතර, ප්‍රකාශ ලබාගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
popular news
-
Champa Thursday, 20 September 2018 11:27 PM
Lt.Col. කෙනෙක් අරන් ඒ පාර! දෙයියනේ හමුදාවේ බුද්ධි අංශය සම්පූර්නයෙන්ම පාවලා දෙනවා. හෙණ ගහන වැඩ මේවා. ඇත්තමයි ලක්ෂ ගණන් මිනිස්සු පාරට අරන් පාදඩ ආණ්ඩුවට ඉල්ලා අස් වෙන්න බලකරන්න ඕනේ හැටියේ පුළුවන්. ලංකාවේම වැඩ අඩපන කරලා කොළොඹ වට කරලා දේශද්‍රෝහී ආණ්ඩුවේ අගමැතියි බලු රෑනයි ගෙදර යවන්නත් පුළුවන්. ඒක අමාරු වැඩක් නෙමෙයි. මිනිස්සු ස්වේච්චාවෙන් එයි වැලනොකැඩි. හැබැයි ඊට පස්සේ කවුද අගමැති වෙන්නේ? ඔක්කොම කලාට පස්සේ මහින්දට නැතුව වෙන කෙනෙකුට අගමැතිකම දුන්නොත් එහෙම? එතකොට මිනිස්සුන්ගේ පපුව පැලිලා මැරෙයි. මේවා තමයි මට නම් තියෙන ප්‍රශ්න. මෛත්‍රීව කිසි විදිහකට විශ්වාස කරන්න බැහැ. කාට දුන්නත් අගමැතිකම මහින්දට දෙන්නේ නැහැ. එහම නැතුව අපිට ඇති වැඩකුත් නැහැ. මක් කරන්නද? දත්මිටි කකා ඉන්න වෙලා තියෙනව. මහින්ද කරපු ලොකුම වැරැද්ද තමයි මෛත්‍රී හංසයාගෙන් චන්දෙ ඉල්ලුව ගමන් පක්ෂෙන් තහනම් නොකරපු එක. එහෙම තහනම් කළා නම් සභාපති තනතුරේම ඉන්න තිබ්බ. පැහැදිලිවම ජනාධිපතිකමෙනුයි සභාපති කමෙනුයි දෙකෙන්ම මහින්දව අයින් කරන්න කුමන්ත්‍රණයක් තිබිල තියෙනව. පව්! හිටපු ජනාධිපතිතුමා ගැන වෙලාවකට මට හුඟක් දුක හිතෙනවා.
Reply : 0 0
rocky Friday, 21 September 2018 08:39 AM
රණවිරුවන්ට ඕනෑම දෙයක් කරන්න අවසර තියනවා කියල සමහරු කියනවා නේද?
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
