ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් විශාල පිරිසකට එකවර උසස්වීම් ලබාදෙමින් නිලධාරීන් 244කට උසස්වීම් ලබාදීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.
ඒ අනුව බ්‍රිගේඩියර්වරු 17ක් මේජර් ජනරාල් ධුරයටත්, ලුතිනන් කර්නල්වරු 45ක් කර්නල් ධුරයටත්, මේජර්වරු 49ක් ලුතිනන් කර්නල් ධුරයටත්, කැප්ටන්වරු 42ක් මේජර් ධුරයටත්, ලුතිනන්වරු 80ක් කැප්ටන් ධුරයටත්, දෙවන ලුතින්නවරු 11ක් ලුතිනන් ධුරයටත් උසස් කර තිබේ.
