යුද හමුදාපති හෙට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට
පස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා කැඳවා තිබේ.
හෙට (26දා) ඔහුව මෙසේ කාරක සභාවට කැඳවා තිබේ. මීට අමතරව හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාද හෙට දිනයේදී කාරක සභාවට කැඳවා තිබේ.
කාරක සභාවේ කටයුතු හෙට පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ සේවයේ නියුතු කිසිම ආරක්ෂක අංශ සාමාජිකයෙක් තමන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කැඳවීමට ඉඩ නොදෙන බවයි.
කෙසේ වෙතත් කාන්තන්කුඩි පොලීසියේ වත්මන් ස්ථානාධිපති හා හිටපු ස්ථානාධිපතිවරුන් එම කාරක සභාව හමුවේ සාක්ෂි දීමට කැඳවීය.

popular news
-
Champa Tuesday, 25 June 2019 09:10 PM
ඕයි ජනාධිපති මහා ලොකුවට කිව්වා නේද සේවයේ ඉන්න නිලධාරීන්ව මේ කමිටුව ඉදිරියට ගේන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. දැන් මේ ඒකද වෙන්නේ? රටේ ජනාධිපති උදේ දහයට බෝම්බ පිපිරුව කියල දැනගෙන ආපහු රටට ආවේ පහුවෙනිදා පාන්දර. රටේ අගමැතිට පැයකට කලිනුත් කිව්වලු බෝම්බ පිපිරෙන තැන් ගැන. පැහැදිලිවම පේනවා වරද දෙමුහුන් පාලකයන්ගේ කියල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

