යුද හමුදාපතිත් රිෂාඩ්ට බයයි
යුද හමුදාපතිවරයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දුන් ප්‍රකාශ අනුව ඔහු හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් භියවී ඇති බව පෙනෙන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
කොළඹදී අද (03දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“අපේ භය නැති කරන්න ඉන්න යුද හමුදාපතිතුමත් රිෂාඩ් බද්යුදීන්ට බය බව තමයි තේරිම් කාරක සභාව ඉදිරියට ගිහින් කිව්ව දේ වලින් පෙනුණේ.
එදා රිෂාඩ් බද්යුදීන් බලපෑම් කළ බව කී හමුදාපතිවරයා මෙදා තේරීම් කාරක සභාවට ගිහින් කියනවා බලැපෑම් කළේ නෑ නමක් ඇහුවා විතරයි කියලා.
රිෂාඩ් බද්යුදීන්ට රටේ යුද හමුදාපතිත් භයයි නම් අහිංසක පොලිස් නිලධාරීන් ගැන මොන කථාද? ඒ නිසා පරීක්ෂණ අවසන් වන තෙක් රිෂාඩ් බද්යුදීන්ට මෙන්ම ඔහුගේ පක්ෂයේ අයට ඇමතිකම් භාර නොදිය යුතුයි.”
popular news
-
Kamal Perera Thursday, 04 July 2019 05:58 AM
ඔලුව හොද නැද්ද?
Reply : 0 0
Champa Thursday, 04 July 2019 09:47 AM
ලැජ්ජයි. 2015 දී හිටියේ කොහොමද? කතා කලේ මොන තරම් හරවත් දේවල්ද? දැන් නිකම් තුට්ටු දෙකට වැටිලා. කවුර්වත් කියන කියන විදිහට කවුරු හරි දෙන මාතෘකා වලට කතා කරන්න තරම් තමන්ම තමන්ගේ තත්වේ බාල කරගෙන. දැන් පොහොට්ටුවට ඕනේ යුධ හමුදාපතිට ගහන්න. ඒකේ කොන්ත්‍රාත්තුව ඇරෙගෙන. රාජපක්ෂ මහත්තුරැ හැමදාම කලේ කාව හරි පාවිච්චි කරලා මිනිස්සුන්ට පහර ගහන එක, මඩ ගහන එක. එහෙම කරන්න බැහැ කියල කියන්න කොන්දක් නැහැ. යුධ හමුදාපතිට විතරයි කොන්දක් තිබුනේ වහල් පාර්ලිමේන්තු කමිටුව අහපු ප්‍රශ්න වලට මාධ්‍ය ඉදිරිපිට උත්තර දෙන බැහැ කියල කියන්න. ඊට පස්සේ මාධ්‍ය අයින් කරන්න වුනා. අනිත් එක කතා කරන කොට හරියට හොයල බලල කතා කරන්න. යුධ හමුදාපතිතුමා එදා කිව්වේ (මම කියැව්වේ ඉංග්‍රීසි පත්තරේක) "He (Rishad) didn't try to influence . He only made a request." එදා කියපු එකම තමයි මෙදාත් කියල තියෙන්නේ. එහෙම request එකක් කරහම යුධ හමුදාපතිතුමා රිෂාඩ්ට කිවලු තව අවුරුදු එක හමාරකින් කතා කරන්න කියල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

