යාපනය සරසවියේ ශිෂ්‍ය සංගමයේ නායකයින්ට ඇප
එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයාගේ ඇතුළු පිරිසකගේ ඡායාරූප ළඟතබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් යාපනය මහ ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම් රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස යාපනය මහේස්ත්‍රාත් අන්තෝනිසාමි පීටර්පෝල්ඞ් මහතා අද (16) නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදාහැරුණේ යාපනය විශ්ව විද්‍යාල මහ ශිෂ්‍ය සංගමයේ සභාපති නවරත්නම් දිවාකරන්හා එහි ලේකම් ශිවරාසා බදිල්රාජ් යන සිසුන් වන අතර සැකකාර ශිෂ්‍යයින් දෙදෙනා සෑම ඉරිදාවකම කෝපායි පොලීසියේ පෙනී සිටින ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
යාපනය විශ්ව විද්‍යාලයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර මහ ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන කාර්යාලයේ තිබී එල්.ටී.ටී.ඊ නායක වේලූපිල්ලේ ප්රභාකරන්ගේ සහ ඇන්ටන් බාලසිංහම්ගේ රුවසහිත පෝස්ටර කිහිපයක් සමඟ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම් පසුගිය (03) වැනිදා කෝපායි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
තහනම් සංවිධානයක ඡායාරූප ළග තබා ගැනීම යන චෝදනා යටතේ සිසුන් දෙදෙනාට කෝපායි පොලීසිය විසින් චෝදනා ගොනුකොට තිබිණු අතර නඩු විභාගය සැප්තැම්බර් 09 වැනිදා නැවත කැඳවීමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

