යාපනය ලංකාවේ ප්‍රධාන නගරයක් කරනවා - අගමැති
යාපනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයක් බවට පත්කිරීමට කටයුතු කරන බවත් යාපනය කේන්ද්‍ර කොට ගෙන විශාල ආර්ථික ප්රබෝධයක් ඉදිරි වසර 05 තුළ ඇති කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
යුද්ධයෙන් පීඩාවට පත්වූ යාපනය ඇතුළු උතුරු ප්‍රදේශය යළි නගා සිටුවීම තම අරමුණ බවත් එම සංවර්ධන ගමන් මගෙහි ඉදිරියට යාම සඳහා අත්වැල් බැද ගන්නා ලෙස තමා උතුරේ ජනතාවට ආරාධනා කරන බවත් ඔහු පැවැසීය.
අද (15දා) පෙරවරුවේ යාපනයේ මයිලඩි ධීවර වරායේ ප්‍රථම අදියර විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.
මුලින්ම රට පුරා සමාජ සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා තම රජය පියවර ගත් බවත් වර්තමානයේදි ආර්ථික දියුණුව සඳහා වැඩි බරක් තබා ඇති බවත් ඔහු පැවැසීය.
යාපනය නගරාධිපති හා සාකච්ඡා කරන යාපනය නව නගරය සැලසුම් කොට ඉදිකිරීමට මේ වන විට මූලික පියවර ගෙන ඇති බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

popular news
-
සෙනෙවි Thursday, 15 August 2019 11:56 PM
කොළඹට කැකිරි යාපනේට කිරි ! ඕකත් ෆෝක්ස් වැගන් කර්මාන්ත ශාලාව දැම්ම වගේ බව දෙමල ඈයො දන්නවා .උන් රැවටෙයි ඕවට
Reply : 0 9
kapila Friday, 16 August 2019 08:30 AM
යාපනය තව වසර ගණනකින් මුහුදට යට වෙනවා මාලදිවයිනත් සමග. ඊට වැඩියේ හොඳ නැද්ද කිලිනොච්චිය ප්‍රධාන නගරය කලානම්.
Reply : 0 0
Champa Saturday, 17 August 2019 11:00 AM
චන්ද ලංවෙනකොට හිටු කියල නගර හදනවා - සල්ලි බෙදනවා - රස්සා දෙනවා - කණු උඩ කෝච්චි යවන්න වලවල් හාරනවා - සමෘද්ධි දෙනවා - ගිනිපෙට්ටි ගෙවල් හදනවා - සිල් රෙදි බෙදනවා - කොඩි ගස් බෙදනවා - සාරි බෙදනවා - හාල් තුනපහ බෑග් බෙදනවා - ටී ෂර්ට් බෙදනවා - සෙවිලි තහඩු බෙදනවා - අලුතින් හදනවා හදනවා හදනවා බෙදනවා බෙදනවා බෙදනවා. 71ක් අවුරුදු මේ බොරු දේශපාලනේට මෙදා පාරවත් නැවතීමේ තිත තියමුද, චන්දාදයකයිනි?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

