යාපනය නාගදීප නාමපුවරුවට රතු තීන්ත ප්‍රහාරයක්
යාපනය නාගදීපයට ගමන්කරන බෞද්ධ බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසුව වෙනුවෙන් සවිකර තිබූ නාගදීපය නැමති නාමපුවරුව ඊයේ රාත්‍රියේ නාගදීප චෛත්‍ය වැසෙන පරිදි රතු තීන්ත ගා ඇති බවට කයිට්ස් පොලීසිය කියා සිටියේය.
කයිට්ස් වේලනෙයි මංසන්ධියේ සවිකොට ඇති මෙම නාම පුවරුවේ නාගදීපය යනුවෙන් ලියා ඇති සිංහල, දෙමළ ඉංග්‍රීසි වැකි ඉතිරිවන අයුරින් නාගදීප චෛත්‍ය ඇතුළු පුද බිමේ ඡායාරූපය වැසෙන පරිදි මෙසේ රතු තීන්ත ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගා ඇති බවට කයිට් පොලීසිය පවසයි.
කෙසේ වෙතත් අදාළ රතු තීන්ත ගා ඇති පිරිස් මෙතෙක් අනාවරණය වී නොමැති අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් පරික්ෂණයක් අරඹා ඇති බවටද කයිට්ස් පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.
පසුගිය පළාත් සභා පාලන සමයේදීද හිටපු උතුරු මහඇමති සී.වී.විග්නේශ්වරන් ඇතුළු දෙමළ දේශපාලනඥයින් විසින් උතුරු පළාත් සභාවේදී විරෝධතා පල කරමින් කියා සිටියේ නාගදීප යනුවෙන් වචනයක් හෝ නමක් නොමැති බවටත් එය නයිනතිව් වශයෙන් හැඳින්විය යුතු බවටත්ය . එමෙන්ම නාගදීප විහාරය ඉදිරිපිට ඉදිකිරීමට නියමිතව තිබූ බුදු පිළිමයටද දැඩි ලෙස විරෝධය පෑම සිදු විය.

popular news
-
Champa Sunday, 09 December 2018 04:20 PM
හොඳයි වැඩේ. මේවා කෙරෙත්දී තමයි සිංහල නායකයෝ චන්දයක් ඉල්ලන්නේ. යූඑන්පී ශ්‍රීලනිප පොහොට්ටුව ජේවීපී තුනම සහ රනිල් මෛත්‍රී මහින්දත් ටීඑන්ඒ එකේ සහයෝගය ඉල්ලුවා. ඒ හින්ද මේවට විරුද්ධව කතා කරන්නේ නැහැ චන්දෙ හින්ද. රටට අද ආණ්ඩුවක් අගමැතිවරයෙක් නැතුව විතරක් නෙමෙයි අඩු ගානේ සිංහලයට හරි නායකයෙක්වත් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

