ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා
යාපනය නගර සභාවේ අනියම් සේවකයන් වසර 20ක පමණ කාලයක් පුරාවට සේවය සිදුකළ හෙයින් තම සේවය ස්ථිර කරන ලෙස ඉල්ලා සිදුකරන වැඩවර්ජනය අද (14දා) අට වැනි දිනටත් ක්‍රියාත්මක වුවද මේ දක්වා තමන්ට විසඳුමක් නොලැබුණු බව යාපනය නගර සභාවේ අනියම් සේවකයෝ පවසති.
පසුගිය 07 වැනිදා යාපනය නගර සභාව ඉදිරිපිට ආරම්භ කළ වැඩවර්ජනයේ නිරත අනියම් සේවකයන් කියා සිටින්නේ වසර 20ක පමණ කාලයක් පුරාවට සේවකයන් 100කට වැඩි පිරිසක් සේවය කළද මෙතෙක් ස්ථීර නොවීම හේතුවෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති අතර, මෙතෙක් කිසිදු දීමනාවක්ද නොලැබී ඇති හෙයින් තම සේවය වහාම ස්ථීර කර සියලු දීමානාවන් ලබා දෙන ලෙසයි.
වැඩ වර්ජනයට යාපනය නගර සභාවේ ස්ථිර සේවකයන්ගේද සහාය ලැබී ඇති හෙයින් මේ වනවිට යාපනයේ කැළි කසළ බොහෝ සෙයින් එක්ව ඇති අතර, බස්නැවතුම්පළ හා ප්‍රධාන වෙළෙඳ පොළවල් ආශ්‍රිතව දැඩි දුර්ගන්ධයක්ද ඇතිව තිබීම හේතුවෙන් ජනතාවට දැඩි අසීරුතාවකට මුහුණ පෑමට සිදුව තිබේ.
වැඩ වර්ජනයේ නිරත අනියම් සේවකයන්ගේ ගැටලුව විසඳීම සඳහා මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් නොවීම හේතුවෙන් අට වැනි දිනටත් එය ක්‍රියාත්මක වෙයි.
popular news
නොරොච්චෝලේ අළු වලින් හැදූ පුත්තම අධිකරණය
ගෘහස්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු පර්ත් පුහුණුකරු ධුරයකට යයි
ඉෂාරා දේවින්දි රිය අනතුරකින් මරුට
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව නීතියට යනවා
කතරගම ගොඩනැගිල්ල මගේ නෙමෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd