යාපනය කලපුවේ කඩොලාන කැපූ අයෙකු අත්අඩංගුවට
යාපනය මණ්ඩතිව් කලපුවේ නීතිවිරෝධීව කඩොලාන ශාක කපමින් සිටි අයෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
යාපනය මණ්ඩතිව් ප්රදේශයේ උතුරු නාවික විධානයට අයත් සෙබලුන් පිරිසක් විසින් සිදු කරනු ලැබූ සෝදිසියකදී ඩිංගි යාත්රාවක ආධාරයෙන් කඩොලාන කපමින් සිටි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට පතව ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු යාපනය ගුරුනගර ප්රදේශයේ පදිංචි 41 හැවිරිදි වියේ වන අතර එම පුද්ගලයා වැඩිදුර නීතිමය කටයුතු සඳහා යාපනය අඩවි වන කාර්යාලය වෙතට භාර දීමට නාවික හමුදාව කටයුතු කරනු ලැබීය.




popular news
-
Asokagunasekara Wednesday, 19 February 2020 11:56 AM
මෙහෙ කඩොලාන Kapanna amathi anugrahaya
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
