යාපනය, විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය, අරවියල්නගර් ප්‍රදේශයේ පිහිටි ඉංජිනේරු පීඨයේ සිසු කණ්ඩායම් දෙකක් අතර ඊයේ (24දා) රාත්‍රියේ ඇති වූ ගැටුමකින් සිසුන් 11 දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.
ඊංජිනේරු පීඨයේ ජ්‍යේෂ්ඨ සිසුන් හා පළමු වසර සිසුන් අතර පළමුව බහින්බස්වීමක් සිදු වී ඇති අතර පසුව එය දුරදිග යාමෙන් දෙපාර්ශවය අතර ගැටුමක් ඇතිව තිබේ.
කෙසේ වෙතත් පහරදීම හෝ පහර කෑ පාර්ශවයන්ගෙන් මෙතෙක් කිලිනොච්චිය පොලීසියට පැමිණිල්ලක් ලැබී නොමැති අතර ගැටුම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණයක් සිදු කිරීමට පියවර ගෙන ඇති බවද කිලිනොච්චිය පොලීසිය පවසයි.
විශ්වවිද්‍යාල පාලක සභාවේ නිලධාරීනී පැවැසුවේ සිද්ධියක් වාර්තා වි ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත්ය.
