යාපනයේ වගා ළිඳකින් සුදු නාගයින් දෙදෙනෙකු හමුවෙයි
යාපනය වලිකාමම් නැගෙනහිර සිරුප්පිඩ්ඩි ප්රදේශයේ ළිඳකට වැටී සිටි ඉතා දුර්ලභ සුදු නාගයින් දෙදෙනෙකු ගොඩට ගෙන කැලයට මුදා හැරීමට ගොවීන් පිරිසක් විසින් පියවර ගෙන ඇත.
සිරුප්පිඩ්ඩි ප්රදේශයේ පිහිටි වෙල්යායක තිබූ ළිඳකට වැටී සිටි සුදු නාගයින් දෙදෙනෙකු ගොවියෙකු විසින් දැක ඒ බව අනෙක් ගොවීන්ටද දැනුම් දී එම ගොවීන් විසින් එක්ව අදාළ සුදු නාගයින් දෙදෙනා ගොඩට ගෙන රක්ෂිත කැලෑවකට මුදා හැරිමට පියවර ගෙන ඇත.
ළිඳේ වැටී සිටි නාගයින් දෙදෙනාම අඩි 5 කින් පමණ දිගින් යුක්ත වන අතරම වෙල් යායට පැමිණි අවස්ථාවකදී මෙම සුදු නාගයින් දෙදෙනා ළිඳට වැටෙන්නට ඇති බවට සැක කෙරේ.
මෙම සුදු නාගයින් වර්ගය ඉතා දුර්ලභ වර්ගයේ විශේෂයක් බැවින් ඉතා ආරක්ෂාකාරීව කැලයට මුදා හැරීමට පියවර ගත් බවටත් යාපනයේ බෝහො වැසියන් මෙම සුදු නාගයින් දේවත්වයෙන් සලකන බවටද සිරුප්පිඩ්ඩි ගොවීන් වැඩිදුරටත් කියා සිටියහ.


popular news
-
Champa Sunday, 10 February 2019 08:52 PM
අම්මා, හුඟක් ලොකුයි නේද? ස්තූතියි සත්තු දෙන්නව බේරුවට. හැබැයි ඒ දෙන්නව වන ජීවී නිලධරයන්ට බාර දෙන්ට තිබ්බේ. දැන් ඕක අහල මෘගයෝ ඔතන කැලා පීරලා පැටවුන් හරි බිත්තර හරි හොයාගෙන විකුනයිද දන්නේ නැහැ. ඔය රක්ෂිත කැලේ ආරක්ෂාවට දාල ඉන්නවද මිනිස්සු?
Reply : 0 0
chathuri Monday, 11 February 2019 04:37 AM
හොඳ. වෙලාවට. අමල්. පෙරේරා ඩුබායි. අත් අඩංගුවේ නැතිනම්. සුදු නාගයින්ට. දෙවියන්ගේම පිහිටයි
Reply : 0 15
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

