යාපනයේ රැකියා විරහිත වූවන්ගේ සියලු තොරතුරු යාපනය දිසාපති රැස්කරයි
යුද්දෙන් පසුව යාපනයේ නැවත පදිංචි වූවන් මෙන්ම තරුණ තරුණියන් ඇතුලු සියලු රැකියා විරහිත වූවන්ගේ තොරතුරු යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය විසින් රැස් කිරීමට පියවර ගෙන ඇති බවට යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා පවසයි.
යාපනයේ රැකියා විරහිත උපාධිධාරීන් උපාධිධාරීන් නොවන් සියලු අයගේ තොරතුරු රැස්කිරීම යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය මගින් ආරම්භ කොට ඇත.
යාපනය දිස්ත්‍රීක්කයේ රැකියා විරහිත උපාධිධාරීන් ඇතුලු රැකියා විරහිත වූවන්ගේ සංඛ්‍යා ලේඛන යාපනයේ විවිධ වූ ස්වේච්ඡා සංවිධාන මගින් මීට පෙර ඉදිරිපත් කර තිබුණද එම සංඛ්‍යා ලේඛන වැරදි බවටත් විවිධ වූ සමාජ මාධ්‍ය මගින් වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම නිසා මෙම තීරණය ගෙන ඇත.
2020 වසරෙදී අලුතින් ලබා දෙන රැකියා අවස්ථාවන් වෙනුවෙන් මෙම සංඛ්‍යා ලේඛන වැදගත් හෙයින් යාපනයේ සිටින සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට මෙන්ම ග්‍රාමසේවක වරුන්ට හා සිවිල් සංවිධාන වෙතට යාපනය දිසාපතිවරයා විසින් සියලුම රැකියා විරහිත වූවන්ගේ තොරතුරු රැස් කරන ලෙසට ලිපි මගින් මේ බව දන්වා ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
