යාපනය අරියාලෙයි ප්රදේශයේ නිවෙස් රැසක් මංකොල්ලකා රුපියල් ලක්ෂ 10 කට අධික වටිනා රන් පවුම් 20 ක් හා රුපියල් 410,000 ක මුදලක් සොරාගත් පස් දෙනෙකුගෙන් යුත් කල්ලියක් ඊයේ 17 දින අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.
යාපනයේ මෙම කොල්ල කල්ලිය විසින් මහා පරිමාණව මෙසේ කොල්ලකෑම් සිදු කරන බවටත්, අරියාලෙයි ප්රදේශයේ නිවාස කිහිපයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් කරන ලද පැමිණිලි මත සිදුකළ හදීසි සෝදිසි විමර්ශනයකදී මෙම සැකකරුවන් කණ්ඩායම අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය අරියාලෙයි ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ත් 24 ත් අතර තරුණ පිරිසක් වන අතර ඔවුන් යාපනය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවටද පරික්ෂණ සිදු කරන යාපනය පොලිසිය වැඩිදුරටත් පැවසීය.


