යාපනයේ කලපුවක තිබූ ටී.එන්.ටී. වර්ගයේ පුපුරණද්‍රව්‍ය තොගයක් හමුවෙයි
යාපනය පාසෙයිඌර් ප්‍රදේශයේ ආගමික ස්ථානයක් ආසන්නයේ කලපුවක සඟවා තිබූ ටී.එන්.ටී. වර්ගයේ පුපුරණද්‍රව්‍ය කිලෝ 2ක් හා ඩෙටනේටර් 4ක් තිබි සොයාගත් බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් පාසෙයිඌර් කලපුවේ පඳුරු කැලෑවක සඟවා තිබූ අදාළ පුපුරණද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
අදාළ පුපුරණද්‍රව්‍ය හා ඩෙටනේටර් තොගය පාර්සල් 08 ක අසුරා තිබි ඇති අතර ධීවරයින් විසින් මසුන් තහනම් අයුරින් මැරීමට මෙම පුපුරණද්‍රව්‍ය තොගය භාවිතා කිරිමට රැගෙන එන්නට ඇති බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය සැක පල කර සිටියි.
අදාළ පුපුරණද්‍රව්‍ය තොගය රැගෙන ආ පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් හමුවි නොමැති අතර පුපුරණද්‍රව්‍ය තොගය හා ඩෙටනේටර් තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය පොලීසියට භාර දීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් පියවර ගෙන ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

