යන්ත්‍රානුසාරයෙන් ගංවතුර පාලනය කිරීමට ව්‍යාපෘතියක්
වෙන්නප්පුව, කොලොන්ජාඩිය ඇතුළු ඒ අවට ප්‍රදේශවලට ගැටළුවක්ව පවතින ගංවතුර තර්ජනයට ස්ථිරසාර විසදුමක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ. මේ යටතේ යන්ත්‍රානුසාරයෙන් ජලය මුහුදට පොම්ප කිරීමේ විශේෂ පද්ධතියක් ස්ථාපිත කිරීමටද කටයුතු කර තිබේ.
වෙන්නප්පුව, කඹුල්ගල ප්‍රදේශයේ ඇතිවන ගංවතුර තත්ත්වයන් පාලය කිරීම සඳහා කි‍්‍රයාත්මක වන කාණු පද්ධතිය හරහා ක්‍රමානුකූලව ගංවතුර වෙන්නප්පුව වැවට මුදා හැරෙයි. ඊට සමාගාමීව කි‍්‍රයාත්මක වන කොලොන්ජාඩිය, රන්දියගම ගංවතුර පාලන ව්‍යාපෘතිය හරහා අගල් අටක විෂ්කම්භය සහිත නල මාර්ගයක් ඔස්සේ ජලය මුහුදට පොම්ප කිරීම සිදුවෙයි.
ළිං හතක් ඉදිකරමින් එම ළිංවලට එකවන ජලය මුහුදට පොම්ප කිරීමට සැලසුම් කර ඇත්තේ යන්ත්රානුසාරයෙනි.
එවෙනුවෙන් වූ නල මාර්ගය රන්දියගම සිට මුහුද දක්වා කිලෝමීටර් දෙ හමාරක දුරක් පොලොව යටින් ඉදි කිරීමට සැලසුම් කර තිබේ. ආපදා කළමනාකරණය වෙනුවෙන් මෙවැනි ව්‍යාපෘතියක් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මකව පළමු අවස්ථාව මෙයයි. මෙම ව්‍යාපෘතිවල ඉදිකිරීම් පසුගියදා (16) වාරිමාර්ග හා අපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.


popular news
-
උපුල් Friday, 17 August 2018 03:27 PM
ගංවතුර පොම්ප කර මුහුදට යවන පළමු ව්‍යාපෘතිය කළේ, එවකට මුදල් ඇමතිවරයෙක් වූ රොනී ද මැල් මහතා. එතුමා ප්‍රංශ රජයේ ආධාරයෙන් මාතර නිල්වලා නදියේ ගංවතුර නාදුගල, අත්තුඩාව, බණ්ඩත්තර යන ස්ථාන වල පිහිට වනු ලැබූ විශාල පොම්පාගාර හරහා කිරළ කැළේ දෙසින් මාතර මෝය කට වෙත මුදා හැරියා... අවාසනාවකට 89 වසරේ ජ.වි.පෙ.භීෂණ වතාවරණය ඇරඹුනු පසු එම ත්රස්තවාදීන් ප්‍රංශ ඉංජිනේරුවන් පලවා හැර එම ව්‍යාපෘතියේ දේපල මංකොල්ල කෑ බැවින් ව්‍යාපෘතිය අවසන් කළ නොහැකි වුණා. එහෙත් පොම්පාගාර හරහා ජලය ඉවත් කිරීම තවමත් සිදු කෙරෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
