www.ada.lk
2026 මැයි මස 27 වන බදාදා
රුසියානු හමුදා යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන ඛාර්කිව් වෙත ඇතුළු වී ඇති බව ප්‍රාදේශීය බලධාරීහු පවසති.
ඛාර්කිව් ප්‍රාදේශීය පරිපාලනයේ ප්‍රධානී ඔලෙග් සිනේගුබෙව් පැවසුවේ සැහැල්ලු හමුදා වාහන "නගරයට කඩා වැදී ඇති" බවයි.
රුසියානු හමුදා නගර මධ්‍යයේ සිටින හෙයින් ආවරණවලින් පිටතට නොයන ලෙස සිය වැසියන්ගෙන් සිනෙගුබොව් මහතා ඉල්ලා සිටියි.
"ආවරණවලින් පිටව නොයන්න! යුක්රේනයේ සන්නද්ධ හමුදා සතුරා පළවා දමනු ඇති. සිවිල් වැසියන්ට වීදිවලට නොයන ලෙස ඉල්ලා සිටිනවා" යැයි ඔහු පවසයි.
මේ අතර යුක්රේනයේ දකුණතින් පිහිටි නගරයක් වන නෝවා කඛෝව්කා නොහොත් නව කඛෝව්කා නගරයේ බලය රුසියාව විසින් තහවුරු කරගෙන තිබේ.
නගරය කුඩා නගරයක් වුවත් ක්රිමියානු අර්ධද්වීපයට සෘජුවම ජල මාර්ග සපයන ඩිනිපර් ගඟේ උපායමාර්ගික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
එහි නගරාධිපති වොලොඩිමියර් කොවැලෙන්කෝ වාර්තා කර ඇත්තේ රුසියානු හමුදා විසින් නගරයේ විධායක කමිටුව අල්ලාගෙන ඇති අතර ගොඩනැගිලිවලින් යුක්රේන ධජ සියල්ල ඉවත් කර ඇති බවයි.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd