මෝදි - රනිල් සාකච්ඡා වාහනයේදී
සාකච්ඡා සඳහා වැඩි කාලයක් වෙන් කර ගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡා වාහනයෙන් ගමන් කරන අතරතුරදී සිදුවූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
මෙහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් හා ශක්තිමත් කරලීම සම්බන්ධව අග්‍රාමාත්‍යවරුන් අතර සාකච්ඡාවන්හි දී වැඩි අවධානයක් යොමුවී ඇත.
දෙරට අතර අනාගත ආර්ථික අවකාශයන් නිර්මාණය කිරීම පිළිබඳවත් දෙරටේ ද්විපාර්ශවික සබඳතාවන්හි වත්මන් ප්‍රගතිය පිළිබඳවත්, ඉදිරි සැලසුම් පිළිබඳවත් ඔවුන්ගේ අවධානය යොමුව තිබේ.
ගෝලීය ත්‍රස්තවාදය හා ප්‍රතිත්‍රස්ත කාර්යයන් සම්බන්ධයෙන් ගත යුතු සාමූහික ක්‍රියා මාර්ග පිළිබඳවද මේ සාකච්ඡාවන් හි දී අවධාරණය කෙරිණ.

popular news
-
aruna Monday, 10 June 2019 10:38 AM
රට ට යහපතක්.
Reply : 0 0
Champa Monday, 10 June 2019 07:25 PM
එහනම් එතකොට තමයි පලාලි මදිවට මඩකලපුවෙයි රත්මලානෙයි ගුවන් තොටුපොළවල් දෙකත් ඉන්දියාවට දෙන්න කතාකරගෙන තියෙන්නේ. කිසි දෙයක් ඉතුරු කරන්නේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

