ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එළඹෙන (9) දා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත එදින පෙරවරුවේ පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නිල පිළිගැනීමේ උත්සවයක් පැවැත්වෙන අතර එදිනම පස්වරුවේ ඒ මහතා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
