ඉන්දියාවේ සංචාරයකට පැමිණෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කළ ආරාධනය ඡන්දයෙන් පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගෙන තිබේ.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු නිල සංචාරය ලෙස ඉන්දීය සංචාරයකට නුඳුරේදීම එක්වෙනු ඇත.
මේ අතර මෝදි මහතා ඊයේ (17දා) දුරකතනයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා අමතා සුබ පැතුම් එක්කර තිබේ.
මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව සමග සමීපව කටයුතු කරමින් සංවර්ධන හා ආරක්ෂාව තහවුරු කරන බවයි.
