මොරටුවට වෛද්‍ය පීඨයක්
මොරටුව විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ඉදිකිරිමට පියවර ගන්නා බව උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කළේය.
අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ඒ සඳහා වන ගැසට් නිවේදනය ඉදිරියේදි නිකුත් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම මේ වන විට රුහුණු විශ්වවිද්‍යාලට මහල් 12කින් යුත් වෛද්‍ය පීඨ ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
තවත් විශ්වවිද්‍යාල කිහිපයකම මේ වන විට වෛද්‍ය පිඨ ආරම්භ කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා ඉදිරියේදි වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් බඳවා ගන්නා සිසුන්ගේ සංඛ්‍යාව තවත් 300කින් පමණ ඉහළ යනු ඇති බවත් සඳහන් කළේය.

popular news
-
Champa Friday, 15 March 2019 07:52 PM
එස් බීටයි කිරිඇල්ලටයි මේවා කරන්න බැරි වුනේ මොකොද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

