මොරගහකන්දෙන් විදුලිය නිපදවෙි
මොරගහකන්ද - කළුගග වාරි ව්‍යාපෘතියේ විදුලි බලාගාර තුළින් ජාතික විදුලි පද්ධතියට දිනපතා විදුලිය මෙගාවොටි 25 ක් මුදා හැරිම ආරම්භ කර ඇති බව ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා අංශය කියයි.
ඉහළ ජලාධාර ප්‍රදේශ වලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂා තත්ත්වය හමුවේ මොරගහකන්ද ජලාශයට අද දිනය (06වන විට අක්කර අඩි දෙලක්ෂ අනූ හත්දහසක පමණ ජල ප්‍රමාණයක් ලැබී ඇති බව අප කළ විමසීමක දී මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී.ජී.දයානන්ද මහතා කියා සිටියේය.
එය සමස්ථ ජලාශයේ සියයට හැට හයක මට්ටමක් බව ද හෙතෙම කියා සිටියේය.
දැනට පවතින වාර්තාවන්ට අනුව වසර 50 කට පසු ලැබුණු වැඩිම වර්ෂාපතනය පසුගිය සමයේ මොරගහකන්ද ප්‍රදේශයට පතිත වී ඇති බව ද දයානන්ද මහතා කියා සිටියේය.
මීට අමතරව ජාතික විදුලි පද්ධතියට එක්වන විදුලි ප්‍රමාණයෙන් දිනකට ලක්ෂ 40 ක පමණ ආදායමක් මොරගහකන්ද විදුලි බලාගාරය තුළින් ලැබෙන බවත් විදුලි බලාගාරයෙන් වාර්ෂිකව අපේක්ෂිත ආදායම රුපියල් මිලියන 1545 ක් බව ද කියා සිටියේය.


නාඋල- ඉන්දික අරුණ කුමාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

