මොන වරදකට පන්සල් තහනම් කරනවද දන්නේ නෑ
තමාට විහාරස්ථාවලට පැමිණීම තහනම් කළේ තමන් කළ කුමන වරදක් නිසාදැයි නොදන්නා බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය.ඊයේ (08දා) මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයෙ පැවැති උත්සවයකදී ඔහු මේ බව පැවැසීය.
මංගල සමරවීර මහතාට ගම්පහ හා මාතර විහාරස්ථානවලට ඇතුළත්වීම තහනම් කරනමින් ආඥා නිකුත් කර තිබේ.මේ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යාවරයා,
“ මේ වෙනකොට මේ වර්ෂයේ මාස 5 ට විතරක් ලංකාවෙම බෞද්ධ විහාරස්ථාන 4124 ක් ප්‍රතිසංස්කරණය සඳහා රු. මිලියන 2090 ක් වෙන් කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මම පසුගියදා පත්තරේකින් දැක්කා ගමිපහ දිස්ත්‍රික්කයේ පන්සල් වලට මම එන එක තහනම් කරලා කියලා. මං කරපු මොන වරදකටද පන්සල් වලට එන එක තහනම් කරලා තියෙන්නේ කියලා මම දන්නෙ නැහැ.
අපි ලංකාව පුරාම ජාති ආගම් භේද වලින් තොරව දියුණු කරන්න අභියෝගවලට මුහුණ දෙමින් කටයුතු කරනවා.”
මංගල සමරවීර මහතා සහභාගිවෙන උත්සවවලට සහභාගි නොවෙන ලෙස මහා සංඝරත්නය විසින් පසුගියදා මාතරදි සංඝ ආඥාවක් පනවා තිබුණද මෙම උත්සවය සඳහා ස්වාමින් වහන්සේලා කිහිපනමක් සම්බන්ධවී සිටියහ.
මහේෂ් මලවරආරචිචි



popular news
-
Champa Sunday, 09 June 2019 11:18 PM
කොහෙන් අහුලා ගත්ත හාමුදුරුවරුද මේ? අතට අත දෙනවා. මෙයා හාමුදුරුවන්ට වඳිනවා දැක්කද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

