මොන මැතිවරණය තිබුණත් සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය ස්ථිරයි
ජනතාවට මේ රජය කෙරෙහි වෛරයක්, විරෝධයක් සහ කළකිරීමක් තිබෙනවා. ස්ථිර වශයෙන්ම මොන මැතිවරණය පැවැත්වුවද සමගි ජන බලවේගයේ ජයග්‍රහණය පැහැදිලි යැයි එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පැවසීය.
විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.
‘‘අද රටේ ජනතාව ගැටලූ රාශියකට මුහුණ දෙනවා. ජපානයේ පුවත්පත් පතක ලංකාවේ ආර්ථිකය ගැන සඳහන් වෙනවා එය කොයි වෙලාවේ පිපිරෙයිද කියලා කියන්න බැරි බෝම්බයක් බව. ධනපතියන්ට සහන දෙන්න, නැතිවෙච්ච බදු ආදායම් මුදල් පියවගන්න, මුදල් අච්චු ගහන ආණ්ඩුවක්. මේ ආර්ථික බෝම්බය කොයි වෙලාවේ පිපිරෙයිද දන්නෙ නෑ කියන එක ජපානයේ වැඩියෙන්ම අලෙවි වන මිලියන තුනක් බලන පත්තරය නිකී ඒෂියා සඳහන් කරනවා.
අපේ රට දරුණු තත්ත්වයකට ඇවිත් තියෙන්නේ. දකුණු ආසියාවේ අනිත් රටවල් එක්ක සංසන්දනය කර බලන්න. ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින යන සියල්ල විදේශ සංචිත හරි ස්ථාවරව තියාගන්න හොඳින් කළමනාකරණය කළා. දැන් අපේ රට ලෙබනනයට කිට්ටු වෙලා. කොයි වෙලාවේ පිපිරෙයිද කියන්න බැහැ. යුද්ධයකුත් තිබුණා නමුත් මෙහෙම වුණේ නෑ. ආර්ථික ගැටලූ, මන්දපෝෂණ තත්ත්වය, අධ්‍යාපන ගැටලූ, කෘෂිකාර්මික ගැටලූ, ගිනිගත්ත නැව නිසා පාරිසරික හානිය.
සෞභාග්‍යය දැක්මෙන් කිව්වේ අපි අවුරුදු දහයකින් පොහොර වෙනස් කරනවා කියලා. එය පැය 24 න් කරලා. මේ ප්රශ්නය නිසා අද වී ගොවියන්, වැවිලි ගොවියන්, කෘෂිකර්ම සහ වැවිලි ආර්ථිකයන් දෙකේම අස්වැන්න අඩුවෙලා. විදේශ ආදායම් අඩුවෙලා. අද මෙහෙම ගියොත් සියල්ල අනාථ වෙනවා. සියල්ල කඩාවැටෙන තත්ත්වයට පත්වෙලා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

