මෛත්‍රීගේ අත්සන් 21000 වාර්තාව නොබිඳෙයි?
හිටපු මහබැංකු අධිපතිවරයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා අර්ජන් ඇලෙක්සැන්ඩර් ලෙස තමන්ගේ නම වෙනස් කර ගැනීමත් සමග ඔහුව සිංගප්පූරුවේ සිට නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා යළිත් වතාවක් ලියකියවිලි සකස්කරන්නට වේදෝයි බොහෝ දෙනා අතර කතා බහක් ඇති විය.
මෙම ලියකියවිලි සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇඟිල්ලේ කරගැට එනතුරු අත්සන් 21000 ක් ගැසූ බව පසුගිය දා අනාවරණය කළේය. මේ නිසා ඇතැමෙකු ගේ අදහස වූයේ අර්ජුන් මහේන්ද්‍රන් තමන්ගේ නම වෙනස් කරගැනීමෙන් පසුව වර්තමාන ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාටද ඇගිල්ලේ කරගැට එනතුරු අත්සන් ගැසීමට සිදුවනු ඇති බවයි.
කෙසේ වෙතත් ඊයේ(16දා) අධිකරණයේ දී අනාවරණය වූයේ උදර්පන නීතිය අනුව අර්ජන් ඇලෙක්සැන්ඩර් මහතා නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අලුතින් ලියකිවිලි සකස් කිරීමට දැනට අවශ්‍යතාවයක් නොවන බව සිංගප්පූරුවේ නීතිපතිවරයා ශ්‍රී ලංකාවේ නීතිපතිවරයාට දන්වා ඇති බවයි.
මේ අනුව හිටපු ජනපති මෛත්‍රීගේ අත්සන් 21000 වර්තාව කැඩීමට වර්තමාන ජනපති ගෝඨාභයට අවස්ථාවක් නොලැබෙන බව තහවුරු වී තිබේ.

popular news
-
Deepal Nirosh Wednesday, 17 June 2020 12:55 PM
අනිවාර්යායන්ම බිඳින්න වෙනවා, ඇයි අර්ජන් ඇලෙක්සෙන්ඩර් ගෙන්න නම් වත්මන් ජනපතිට හෝ මීළඟ ජනපතිට හො ්අත්සන් 21000 ගණනක් තබන්න වෙනවා.
Reply : 0 0
ranjith Thursday, 25 June 2020 01:41 PM
methumage athsan walin ratata wedak unada? newath polon naruwe janathawa chande diya uthuda?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

