මෛත්‍රි මහින්දව බිලි බා ගත්තා - අනුර

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී අදහස් දක්වන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා දැක්වූ අදහස්.
" කතානායකතුමා පාර්ලිමේන්තු ගෞරවය ආරක්ෂා කර ගැනිමට විශාල උත්සාහයක් ගත්තා. මෛත්‍රී - මහින්ද පිළේ හෘද සාක්ෂියක් ඇති මන්ත්‍රිවරු ආවා. අපි අවස්ථා දෙකකදී රාජ්‍ය ත්රස්තවාදයට මුහුණ දුන්නා. ප්රජාතන්ත්රවාදයට ප්‍රහාරයක් එල්ල වන ඕනෑම අවස්ථාකදී එයට විරුද්ධව පෙනී සිටීමට කටයුතු කරනවා.
පක්ෂ විතරක් නෙමෙයි ජනතාවත් රාජ්‍ය ත්රස්තවාදයේ ගොදුරු නොවිය යුතුයි. ඒ නිසයි අපි මහින්ද රාජපක්ෂ මහතාටත්, කැබිනට් මණ්ඩලයටත් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවේ. පාර්ලිමේන්තුවේ ඕනෑම නීතියක් අත්හිටුවා පාර්ලිමේන්තු කටයුතු කරගෙන යන්න පුළුවන්.
රාජපක්ෂ - මෛත්‍රීට බහුතරය තිබුණානම් ස්ථාවර නියෝග අත්හිටුවීමේ නියෝග සම්මත වීම වැළැක්වීමට ඡන්දය ලබාදීමට නියමිතව තිබුණා. විශ්වාසභංග යෝජනාවට විවාදයක් පැවැත්වීමට ඉඩ තිබුණා. කුමන්ත්රණකරුවන් හැමදාම කළේ පාර්ලිමේන්තු වැඩකටයුතු අඩපණ කිරීමට කටයුතු කිරීමයි.
එහිදි අපි මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ බලාගෙන සිටියානම් මෛත්‍රීපාල සිරිසේන මහතා ගැන කරුණු කීමට තිබුණා. මහින්ද රාජපක්ෂ මහතා කුමන්ත්රණකරුවන්ගේ දැලට යටත් වුණා. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිවරණ උවමනාවට මහින්ද රාජපක්ෂ මහතා බිලි බා ගත්තා.
මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ඉතිහාසයේ අසරණතම භාවයට අද පාර්ලිමේන්තුවේන් පිටත්ව ගියා. 1970 ලාබාලම මන්ත්‍රීවරයා ලෙස සභාවට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා උසුලු විසුලු මධ්‍යයේ සභාවෙන් පිටත්ව ගියා.
විශ්වාසභංගය පාර්ලිමේන්තුවේදී සම්ම්ත වුණා. තවත් ඒ ගැන සැකයක් තිබෙනවානම් මන්ත්‍රිවරුන්ගේ 122කදී අත්සන් සහිත ලියවිල්ලක් කතානායක කරු ජයසූරිය මහතාට බාර දුන්නා. අවම වශයෙන් ලැජ්ජාවක් තිබෙනවානම් ඉල්ලා අස්විය යුතුයි. යෝජනාව අනුව ඉල්ලා අස්වෙන්න ඕන නෑ. පැරදිලා ඉවරයි.
රට මේ වන විට අස්ථාවරත්වයේ ඉදිරියටම පැමිණ තිබෙනවා. මේ රනිල් - මෛත්‍රී පෞද්ගලික ගැටුමට ජනතාව වග කියන්න ඕන නෑ. "
popular news
-
Missaka Wednesday, 14 November 2018 12:56 PM
වියන්ගයෙන් කියනවනම් අනුර/විජිත රනිලව බේරගත්ත!. මීට සති තුනකට ඉහතදී ආණ්ඩුව ගෙදර යා යුතුයි කියල පාක්ෂිකයින් පාරට බස්සපු JVP එක දැන් රනිල්ගේ ආණ්ඩුව ඕනේ කියල අරගල කරනවා, එකට බොරුවට ප්රජාතන්ත්රවාදය රැකගැනීම කියල නමක් දැම්ම මිනිසුන්ගෙන් බේරෙන්ඩ!
Reply : 127 2
chathuri Wednesday, 14 November 2018 05:35 PM
නැවත අලුත්. ආණ්ඩුවක්. එක්සත් ජාතික පක්ෂයත් සමග. ඔබවැනි. අවංක. ,නිර්බිත. කිසිම. දෙකට. කෑදර කමක්. නැති ඔබගේ. පක්ෂය. තනතුරු. බාරගන්න. ඔබට මුදල් ඇමතිකම බාරදිය. යුතුයි , ඕනෑම. පක්ෂයක. දරුණු යුගය්හක්. තිබුණා දැන්. ඒ. සේරම. අමතක. කර ජනතාව වෙනුවෙන්. වැඩ. කරන්න මේ විදියට. අවොත් ඔබත් දවසක රටේ. ජනාදිපති. වෙනවා. පක්ෂ පැනීමක්. නොකර. තනතුරු බාර ගන්න තරුණ. කට්ටිය. එකමුතු. වෙන්න. මහින්දගේ නඩේ. සදහටම. විශ්‍රාම අරින්න හොරකමක් නැතිව රට සංවර්දනය. කරනවානම්. නැවත මැතිවරණ. අවශ්‍ය නැහැ. තරුණ කට්ටිය එන්න බලයට
Reply : 0 0
Champa Thursday, 15 November 2018 02:58 PM
කියලා වැඩක් නැහැ. ඔක්කොම එකතු වෙලා මහින්දව නැති කළා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

