මේ රට ගොඩගන්න නම් ගෝඨා ජනපති වි මහින්ද අගමැති විය යුතුයි - SB
ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති වි මහින්ද රාජපක්ෂ මහතා අගමැති විමෙන් පසු මේ රට ශක්තිමත් රටක් බව මහනුවර දිස්ත්රික් පා.ම එස් බි දිසානායක මහතා පැවසිය.
එස්.බි දිසානායක මන්ත්රිවරයා මේ බව පවසා සිටියේ ඊයේ (06) දින ශ්රි ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය ආසනබල මණ්ඩල රැස්විම අමතමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු එස් බි දිසානායක මන්ත්රිවරයා ,
"මේ අවුරුදු පහේ මේ රට කඩාගෙන වැටුණේ , දුප්පත්කම වැඩි වුණේ , සංවර්ධනය සහමුලින්ම නැති වුණේ , රටට සංචාරකයන් එන්නේ නැති තත්ත්වයක් ඇති වුණේ , ආරක්ෂාව කියන එක තුට්ටුවට වැටුණේ , මොකක්ද මේකට ප්රධාන හේතුව ජනාධිපතිගෙයි අගමැතිගෙයි මේ ගොන් පොරය.
මේ ගොන් පොරය නිසා මේ රට වැටුණා . එක මෛත්රිපාල සිරිසේන ජනාධිපතිවරයම පිළිගත්තා. ඒක රනිලුත් පිළිගත්තා. මේ දෙන්නට එකට වැඩ කරන්න බැරි වුණ නිසා තමයි රට වැටුණේ.
බැරි වෙලාවත් සජිත් දින්නොත් ගොන් පොරයක් නෙවෙයි මි ගොන් පොරයක් එන්නේ. සජිතුයි රනිලුයි මි ගොන් පොරයට ආවම රට කුජිතයි.
මේ බෞද්ධ රටේ දෛවයට ලැබිච්ච දෙයක් තමයි ගෝඨාභය ජනාධිපති වෙලා මහින්ද අගමැති වෙලා , ඒ සහෝදරත්වයෙන් මේ රටේ ශක්තිමත් ආණ්ඩුවක් හදනවා කියන එක.
එහෙම දේවල් වෙනවා මහින්ද රාජපක්ෂට ජනාධිපති අපෙක්ෂකත්වය දෙන්න චන්ද්රිකා කවදාවත් හිතන් හිටියේ නැ .
බොරුවට චන්ද්රිකා මහින්දව ජනාධිපති අපේක්ෂක කියලා නම් කරලා , උසාවියෙන් කෙලින්න තමයි ගියේ. නොහිතුණු විදිහට මහින්ද රාජපක්ෂ ඉදිරියට ආවා.
2005 ඡන්දෙදි ප්රභාකරන් උතුරේ ඡන්ද ටික නැවැත්තුවේ නැත්තම් එත්අපිට ලෙසි වෙන්නේ නැ. හැබැයි ප්රභාකරන් හිතුවා මහින්ද දිනන එක හොඳයි දින්නොත් එකා මාත් එකක් ගහ ගන්න එනවා, ඉන්දියාවත් එක්ක ගහ ගන්න යනවා, ඊට පස්සේ එක්සත් ජාතින්ගේ සංවිධානය ඇවිල්ලා මට මේක බෙදලා දෙනවා.
මේ ශුද්ධ භුමිය විසින් මහින්ද රාජපක්ෂව ජනාධිපති විදිහට පත් කළා.
ඒ නිසා ලෝකේ දරුණුතම ත්රස්තවාදය පරාජය කිරිමට මහින්ද රාජපක්ෂ මහතාට හැකි වුණා.
අපිට වඩා පහළින් ඉදලා පොසත් වුණ රටවල් තියෙනවා. සිංගප්පුරුව , මැලේසියාව, චිනය , දකුණු කොරියාව .මේ රටවල් ඔක්කොටම කොන්ද කෙළින් තියන් සෘජුව වැඩ කරන නායකයන් හිටියා.
ඒ නිසා නැගිගෙන ආපු රට වැටිලා , රට අනාරක්ෂිත වෙලා තියෙන මේ මොහොතේ , මේ රටට ඕනි කොන්ද කෙළීන් තියෙන, සෘජුව වැඩ කරන ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි නායකයෙකි" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසිය.

popular news
-
hemantha Monday, 07 October 2019 12:50 PM
ඒ වගේම තමුන් වගේ අය දෙසපාලනයෙන් ඉවත් විය යුතුඉ.
Reply : 0 10
Duminda Monday, 07 October 2019 02:07 PM
රතුපස්වලින් ඔබ්බට
Reply : 0 0
Champa Monday, 07 October 2019 05:21 PM
රටේ ආයේ මොනවා ගොඩ ගන්නද? ඔක්කොම එකතු වෙලා රට කෑව. දැන් රට බාර දොන්න ඕනේ අලුත් මිනිහෙක්ට. ජනතාවට විශ්වාස කරන්න පුළුවන් මිනිහෙක්ට. මහේෂ් හමුදාපති වෙලා ඉන්නකොටම කිව්වා SOFA අත්සන් කරන්නේ නැහැ කියල. ගෝඨාභයට නැති කොන්දක් මහේෂ්ට තියෙනවා. 225 1 එපා වෙලා ඉන්න ජනතාව තෝරා ගන්න ඕනේ මහේශ්ව. අවුරුදු 71ක් රට කාපු එකම වර්ගයාට ආයේ මේ රට බාර දෙන එකේ තේරුමක් නෑ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
