මේ රට ගොඩගන්න සියලු දෙනාගේ සහයෝගය දෙන්න - ප්‍රසන්න
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉහළම දායකත්වය ලබාදෙමින් වැඩිම වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත් දිස්ත්‍රික්කය වශයෙන් පත්වන්නට ලැබිම ගැන සතුටු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
රණතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ලැබූ අතිවිශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය,
මෙවර ජනාධිපතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදී තිබෙනවා. ඒ අනුව මෙවර ජනාධිපතිවරණ සයේ වැඩිම වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත් දිස්ත්‍රික්කය වශයෙන් ගම්පහ දිසත්රික්කය ඉහළට ඔසවා තබන්න ගම්පහ ජනතාව කටයුතු කර තිබෙනවා. ගෝඨාභය මහතාගේ ජය තහවුරු කරමින් ලැබුණු 361,199 ප්‍රමාණය දිස්ත්‍රික්කයක ඉහළම වැඩි ඡන්ද ප්‍රමාණය ලෙසින් සටහන් විම අප ඉතාමත් ආඩම්බරයෙන් සිහි කරනවා.
2015 ජනවාරි මාසේ 09 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය අතහැර ගිය දිනයේ සිටම ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට සුවිශේෂී වුවමනාවක් තිබුණා මේ විජයග්‍රහණයේ කොටස්කරුවන් වන්න. ඒ බව මේ මැතිවරණයේ දී රටටම පැහැදිලි වුණා. ගෝඨාභය මහතා ජනාධිපති පුටුවට ඔසවා තබන්නට ගම්පහ ජනතාවට කොතරම් වුවමනාවක් තිබුණාද යන්න සියයට 81ක්වූ ඡන්ද ප්‍රතිශතයෙන් මනාව පැහැදිලි වෙනවා. ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි සියයට 81ක ජනතාවක් ඡන්ද පොළට ගියේ.
යහපාලනයේ නාමයේ බලයට ආපු එක්සත් ජාතික පක්ෂයේ දුර්වල සහ දේශද්‍රෝහී ක්‍රියා නිසා අරාජික වි තිබුණු රට නැවත ගොඩනැගීමට මේ අනුව ගම්පහින් ඇතුළු මුළු රටෙන්ම සුවිශේෂී වු ජනවරමක් ලැබි තිබෙනවා. වසර හතරහමාරක් තිස්සේ ආපස්සට ගිය රට නැවත ඉදිරියට ගෙනයමින් ආර්ථිකය ගොඩනංවන්න, ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ ජනවරම තුළින් දැන් අවස්ථාව උදා වි තිබෙනවා.
මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සුසංයෝගය තුළින් නැවත වරක් මේ රට ස්වර්ණමය යුගයක් කරාගෙන යන්න දායකත්වය දැක්වූ ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු සමස්ත ජාතියටම අපගේ උපහාර පුද කරනවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ රට ගොඩනැගීම සඳහා සැමගේ දායකත්වය ලබාදෙන ලෙස ඉල්ලා සිටින අතරම ලැබූ මේ සුවිශේෂී ජයග්‍රහණය කිසිවකුගේ හිත් නොරිදවා සාමකාමීව සමරන ලෙස ඉල්ලා සිටිනවා.

popular news
-
sarath Monday, 18 November 2019 07:49 AM
ගම්පහ ජනතාවගේ දායකත්වය දීල ඉවරයි. මේක පැහැදිලිවම ගොටභය ගැන ඇතිවුන පැහැදීමක් මිසක් වෙන කිසිම දෙයක් නෙමේ. එතුමාට මේක කරගන්න දීල උගතුන්ගේ සහය ලබාගැනීමට නුගත් පරණ දේශපාලකයෝ ටිකක් පැත්තක ට වුනනානම් ඒ හොඳටම ඇති.එහෙම නැතිවුනොත් මේ බලාපොරොත්තු හැටනම ලක්ෂය වතුරේ .
Reply : 0 0
Champa Monday, 18 November 2019 02:58 PM
Sarath බම්බුව. මිනිස්සු චන්දෙ දුන්නේ ගෝඨාභය ගැන පැහැදිළ නෙමෙයි, මහින්ද වෙනුවෙන් සහ යහපාලනය ගෙදර යවන්න මහින්ද පැරදිච්ච දවසේ ඉඳන් තීරණය කරලා තිබ්බ නිසා. මේ චන්ද තමන් වෙනුවෙ දුන්නු චන්ද කියල ඔලුව උදුම්ම ගත්තොත් මේ චන්දෙ දීපු මිනිස්සුම විරුද්ධව නැගී හිටිනවා. අනිත් එක ඔබ කාටද නූගත් පරණ දේශපාලකයෝ කියල කියන්නේ? ගෝඨාභය වටේ ඉන්න උගත්තු ටික කට ඇරියේ ගෝඨාභයට බලය අරන් දෙන්න. පරණ දේශපාලකයෝ මහින්ද පැරදිච්ච දවසේ ඉඳන් සටන් කලේ තමන් වෙනුවෙන් නෙමෙයි රට වෙනුවෙන් රට දිනවන්න සිංහල ජාතිය සහ බුද්ධාගම ආරක්ෂා කරගන්න. පරණ දේශපාලකයෝ ටික නොහිටින්න ගෝඨාභයට කවදාවත් ජනාධිපති වෙන්න බැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

