මේ මොහොතේත් අගමැති මහින්දයි - ගම්මන්පිල
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේත්, ඇමති මණ්ඩලය එම ධුරවලත් කටයුතු කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කර ඇති නමුත් අගමැති හෝ ඇමති තනතුරුවල පුරප්පාඩුවක් වී නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“පසුගිය 03දා අභියාචනාධිකරණය අපූරු නියෝගයක් ලබා දුන්නා. ඒ විපක්ෂයේ මන්ත්‍රීවරු ගොනු කර තිබුණු ‘කොවොරොන්ටො’ පෙත්සමේ තීන්දුව දෙන තෙක් මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරේ කටයුතු කිරීමත්, ඇමති තනතුරු දැරූ අය ඇමති තනතුරු කටයුතු කිරීමත් වළක්වාලමින්.
මහින්ද මහතා අගමැති ධුරයෙන් ඉවත් වී තනතුර පුරප්පාඩු වී ඇති බවට ප්‍රකාශයක් කර තිබෙනවාද? නෑ. ඇමති මණ්ඩලය විසිර ගොස් ඇති බවට ප්‍රකාශයක් කර තිබෙනවා ද? නෑ.
ප්‍රකාශ කර තිබෙන්නේ ඒ තනතුරුවල කටයුතු කිරීම වැළැක්වීමේ නියෝගයක් පමණයි. ඒ කියන්නේ මේ මොහොතේත් මහින්ද මහතා තමයි අගමැති. නමුත් ඔහුට අගමැති තනතුරේ කටයුතු කරන්න බෑ. අපි තවමත් ඇමතිවරු. හැබැයි ඇමති තනතුරේ කටයුතු කරන්න බෑ.
මේ තත්ත්වය යටතේ දැන් අගමැති ඇමති තනතුරුවල පුරප්පාඩුවක් නෑ. ඉතින් ජනාධිපතිතුමා දැන් අලුත් ඇමති මණ්ඩලයක් පත්කරන්නේ කොහොමද? අපි ඇමති තනතුරුවල සිටින තෙක් අලුත් ඇමති මණ්ඩලයක් පත් කරන්න බෑ. මේ නිසා ජනාධිපතිතුමාට උසාවියේ තීන්දුව ලබාදෙන තෙක් ඒක පුද්ගල ඇමති මණ්ඩලයක් ලෙස කටයුතු කරන්න සිදු වෙලා තිබෙනවා.
1978 ව්‍යවස්ථාව පිළිබඳ විශ්ලේෂණාත්මක පොතක් ලියූ ආචාර්ය එන්. එම්. පෙරේරා මහතා මෙම ව්‍යවස්ථාව අනුව ඒක පුද්ගල ඇමති මණ්ඩලයක් පත්විය හැකි බවට අනාවැකියක් පළකළා. එන් එම් පෙරේරා මහත්මයාණෙනි ඔබතුමා නැතත් ඔන්න ඔබේ අනාවැකිය අධිකරණයෙන් සැබෑ වෙලා තියෙනවා.
මා දන්නා තරමින් ලෝක ඉතිහාසයේ කිසිම කලක කිසිම රටක අධිකරණයක් විසින් අගමැති සහ ඇමති මණ්ඩලය තනතුරේ කටයුතු කිරීම අත්හිටුවා නෑ. එහෙම අවස්ථාවක් පිළිබඳ දන්නවා නම් අපේ දැනුම වර්ධනය කර ගන්නත් එක්ක දන්නා කෙනෙක් අපට කියාවි කියලා බලාපොරොත්තු වෙනවා.” යැයි පැවසූවේය.

popular news
-
Rattharan Wednesday, 05 December 2018 04:40 PM
භියාචනාධිකරණය අපූරු නියෝගයක් ලබා දුන්නේ හොර අගමැති හා ඇමති මණ්ඩලය විසින් මහජන මුදල් කබසීනිය කිරීම නතර කරන්නයි ,,,,, ඔස්ට්රලියනු ව නඩුව තවම ඉවර නැහැ නේද ගොය්යෝ ,,,, ජම්පරේ අදින්න වෙයි කියන බය නිසා නේද ඔය තරම් දගලන්නේ ,,,,,
Reply : 0 11
Champa Wednesday, 05 December 2018 05:06 PM
කාවද ඔය අන්දන්න යන්නේ? හිටපු ජනාධිපතිතුමාව නේද? ජනතාව නම් වෙන්න බැහැ. ඒ මොකොද කිව්වා නම් ජනතාව දැන් ඔගොල්ලන්න්ට වඩා ඉස්සරහින් ඉන්න නිසා. අනිතක් මේ වගේ ඒවාට උදාහරණ නැත්තේ ලෝකේ කොහෙවත් වෙන ජනාධිපති කෙනෙක් ව්‍යවස්ථාව මේ විදිහට එක පාරක් නෙමෙයි කීප සැරයක් උල්ලංඝනය කරල නැති නිසා සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩල නැති නිසා. අනික තමන්ගේ පෞද්ගලික වස්තුවක් විදිහට පාර්ලිමේන්තුව සලකලත් නැති නිසා. අධිකරණයේ තීන්දු ශ්‍රේෂ්ඨයි. ඒ මොකොද ලංකාවේ අධිකරණය මෙතුවක් කල් දේශපාලන බලපෑම් වලට යට වෙලා තිබුන. දැන් ලංකාව අධිකරණය එයින් මිදිලා තියෙනව. නිවැරදි තීරණ ගන්න. විනිශ්චයකාර වරුන්ගේ කොන්දට පණ දුන්න එකේ credit එක යන්න ඕනේ අලුත් අග්‍ර විනිශ්චකාරතුමාට. හිටපු ජනාධිපතිතුමා ගැන මට හුඟක් දුකයි. මම කිව්වා ඕ වැඩේ කරන්න එපා කියලා. ගහලයෙක් එක්ක deal දාන්න යන්න එපා කියලා. අනික ඔය කතාවත් වැරදියි. අගැමති විදහට වැඩ කරන්න බැරිනම්, තනතුර පාවිච්චි කරන්න බැරිනම්, අගැමති කෙනෙක්වත් ඇමති කෙනෙක්වත් වෙන්නේ නැහැ. උසාවි තීන්දුවකින් නැවත ඒ තනතුර ලැබෙන තුරු සාමාන්‍ය මන්ත්‍රීවරු විතරයි.
Reply : 0 1
dasun Wednesday, 05 December 2018 06:43 PM
Loke kohewath me wage hora agamethila, amethila path karalath nene. Enisa mehama karanna ona wela ne.
Reply : 0 0
rocky Wednesday, 05 December 2018 08:06 PM
මේ වාචාල පොකැට් කටාට දැන් නම් පයිත්තියන් තද වෙලා වගෙයි!
Reply : 0 0
Nandana Wednesday, 05 December 2018 09:44 PM
පිස්සු තදවෙලාද කොන්දක් නැති කෙනා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
