මේ බෝම්බ පුපුරන සංවිධාන හැදුවේ කවුද? මුදල් දුන්නු අය අපි එළි කරන්නම්
මේ බෝම්බ පුපුරවන ජාතික තව්හිද් ජමාද් සංවිධානය හැදුවේ කවුද? මේවාට මුදල් දුන්නේ කවුද? මේවා අපි හරි වේලාවට එළි කරන්නම් යැයි අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
අමාත්‍යතුමිය මෙම අදහස් පළ කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ ගබ්බෙල සිට කලල්ඇල්ල අම්බලන්වත්ත මාර්ගය රුපියල් මිලියන 500 ක වියදමින් කාපට් අතුරා නිම කිරීමට යෝජිත ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට ඊයේ දිනයේ එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමිය,
“අමතක කරන්න එපා අපි භාරගත්තේ මිලියන දහ දාහකට වැඩි ණයක් මහින්ද රාජපක්ෂ මහත්තයා ඉතුරු කරලා ගිය වෙලාවක. ආරක්ෂක ලේකම්ලා හිටියා තමයි ඒ අය ගැන අපි ඉදිරියට කියනවා මොකද ඒ අය එනකං තමයි අපිත් එන්නේ තරඟ කරන්න. තරඟ කරන වෙලාවට අපි ඒ අයගෙ විස්තර කියන්නම්.
මේ බෝම්බ පුපුරවන ජාතික තව්හිද් ජමාද් සංවිධාන හැදුවෙ කව්ද, මේව පැටව් ගැහුවෙ කොහොමද, මේවට මුදල් දුන්නෙ කවුද, මේවා ඔක්කොම හරි වෙලාවට එළි කරන්නම්.
ඊයෙ පත්තරේ මම දැක්කා පෙරේදා පාර්ලිමේන්තුවේදි මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා තියෙනවා, අපේ කාලෙ යුද්ධෙ උච්චතම අවස්ථාවෙවත් මාධ්‍යයට අත තිබ්බෙ නෑ, මාධ්‍යයට අත තිබ්බෙ නෑ . මාධ්‍යවේදීන් උත්සන් ගියා. එතකොට මාධ්‍යයට අත තියන්න දෙයක් නෑනෙ.
ඒ මහත්තයටත් අපි මතක් කරල දෙන්න සූදානම් හැබැයි එකක් හොඳට මතක තියාගන්න ඕනි, අපි ශිෂ්ඨ සම්පන්න රටක් හදන්න, යහපාලනය තුලින් පක්ෂ භේදයක් නැතුව වෙනත් කිසිම භේදයක් නැතුව හැම කෙනෙකුටම හොඳින් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරලා තියෙනවා යැයි අමාත්‍යතුමිය වැඩිදුරටත් පැවසුවාය.”
කෂිනි හපුආරච්චි

popular news
-
Nilupul Monday, 13 May 2019 01:40 PM
ජනධිපතිවරණය කිට්ටු වුනාමද?
Reply : 0 1
මුණසිංහ Monday, 13 May 2019 02:49 PM
මෙච්චර දෙයක් වෙලත් තාම රාජපක්ෂ භීතිකාව අතඅැරිල නැහැ. අපිත් ඉන්නෙ ඔය කියන වෙලාව එනකල්. බලමු.
Reply : 8 1
සෝමපාල Monday, 13 May 2019 05:09 PM
ඔව් ඉතින් පසුගිය පිපිරවීම් ගැනත් දැනගන හිටපු උදවිය කිසිම පියවරක් ගත්තේ නැහැ නොවැ. මිනිස්සු සිය ගානක් මැරුණා විතරය්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

