මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ සංවර්ධනයට ඉන්දීය රජයේ සහාය
පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යතුමා අතර පැවැති ද්විපාර්ශ්විය සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංවර්ධන කටයුතු ඉහළ නැංවීමට අදාලව නව ව්‍යාපෘති යෝජනා කිහිපයක් ක්රීයාත්මක කිරිම පිළිබද සාකච්ඡා වූ අතර, ඒ සදහා ඉන්දියානු රජයේ සහයෝගය ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍යතුමා එකඟතාව පළ කර ඇත
ඒ අනුව එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබදව දිර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර හමුවක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ දී අද පෙරවරුවේ පැවැත්විනි.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංවර්ධන කටයුතු ඉහළ නැංවීමට අදාල එම නව ව්‍යාපෘති යෝජනා අතර රත්නපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග ඒකකය පිහිටුවීම, යාපනය ශික්ෂණ රෝහලේ මාතෘ වාට්ටු සංකීර්ණය ඉදිකිරිම,තංගල්ල මුලික රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සහ ශල්‍ය වාට්ටු සංකීර්ණය ඉදිකිරිම, දෙහිඅත්ත කණ්ඩිය මූලික රෝහලේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම වේ.
මෙම හමුවේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ මෙරට සෞඛ්‍ය ප්‍රවර්ධනයට ඉන්දීය අග්‍රාමාත්‍යතුමා එකඟතාවය පළ කිරිම පිළිබද රජය වෙනුවෙන් සිය කෘතඥතාවය පළ කර සිටින බවයි.
එමෙන්ම කඩිනමින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ඇති වැදගත්කම පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාට කරුණු පෙන්වා දෙන ලදි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

