මුහුදේ හා දොලේ පාවෙන මළ සිරුරු
- 19 11 2026
- 07:46
- {{hitsCtrl.values.hits}} views
- ..
නාඳුනන මෘත ශරීරයක් හමුවීම - කොළඹ වරාය පොලිස් වසම
2026.11.18 වන දින උදෑසන කොළඹ වරාය පොලිස් වසමේ බොට් හවුස් ජැටිය අසල මුහුදු තීරයේ නාඳුනන පිරිමි මෘත ශරීරයක් පාවෙමින් ඇති බවට කොළඹ වරාය පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරුගේ අනන්‍යතාව තහවුරුවී නොමැති ඇතර දුඹුරු පැහැති කොට කලිසමක් හා කළු පැහැති ටීෂර්ටයක් හැඳ සිට ඇති අතර වයස අවරුදු 45 ක් පමණ වන පුද්ගලයෙකු වේ. මෙම මරණය ඝාතනයක්ද නොඑසේනම් වෙනත් සිදුවීමකින් සිදුවූ මරණයක්ද යන්න අනාවරණය කර ගැනීමට කොළඹ වරාය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
නාඳුනන මෘත ශරීරයක් හමුවීම - ඉඟුරුවත්ත පොලිස් වසම
2026.11.18 වන දින දහවල් ඉඟුරුවත්ත පොලිස් වසමේ ඊරිමින්න ප්‍රදේශයේ දොල මාර්ගයක මෘත ශරීරයක් ඇති බවට ඉගුරුවත්ත පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මෘත ශරීරය හඳුනාගත නොහැති තත්ත්වයේ ඇති අතර අනන්‍යතාව තහවුරුවී නොමැත.මෙම මරණය ඝාතනයක්ද නොඑසේනම් වෙනත් සිදුවීමකින් සිදුවූ මරණයක්ද යන්න අනාවරණය කර ගැනීමට ඉගුරුවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
