මුස්ලිම් පූජකවරයෙකු අතුළු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ තුළදි මරාගෙන මැරෙන බෝම්බය පුපුරවා ගත් වැල්ලම්පිට්ය තඹ කර්මාන්තශාලා හිමිකරු වු කෝටිපති ව්‍යාපාරික මෙහොමඩ් ඊබ්‍රහිම් අහමඩ් නැමැත්තාට ආගමික වතාවත් පැමිණවිම සඳහා පැමිණි බවට සැක කරන පූජකවරයෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු බෝම්බකරුගේ බිරිඳගේ කොල්ලුපිටිය මල්පාර සුඛෝපභෝගි දෙමහල් නිවසේදි අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය පවසයි.
ඔවුන් පැමිණි තිබු ත්‍රිරෝද රථය මෙන්ම එම නිවස තුළ ඩ්‍රෝන කැමරාවක්ද පොලීසිය විසින් භාරයට ගෙන ඇත.
සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ දෙපාර්තමේන්තුවේ භාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන මරාගෙන මැරෙන බෝම්බකරුගේ බිරිඳගේ නිවසට සැක කටයුතු කිහිප දෙනෙකු පැමිණ සිටින බවට කොල්ලුපිටිය පොලීසිය වෙත ලැබුණු තොරතුරක් මත මොවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පොලීසිය එම නිවස වටලන අවස්ථාවේදි පැමිණි පුද්ගලයින් පිට වි යාමට පැමිණෙමින් සිටි බව පොලිස් නිලධාරීන් පැවසිය.
කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති තුමාගේ මෙහෙයවිම යටතේ වැඩිදුර විමර්ශන සිදු කරයි.

popular news
-
හනීෆා Wednesday, 15 May 2019 06:34 AM
ත්‍රස්තයාගේ මිනීකුණු වලදමද්දී ඌරුකුණකුත් දැම්මානම් ඕවා නොවෙන්න තිබුනා
Reply : 0 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

