මුස්ලිම් ජනතාවගේ ගැටලු සඳහා සියලු විසඳුම් දෙනවා - ජනපති
ත්‍රස්තවාදය ලොව කොතැනක හෝ ජයග්‍රහණය කර නොමැති අතර, අන්තවාදී ත්රස්තවාදයේ ම්ලේච්ඡ අරමුණුවලට ශ්‍රී ලාංකීය ජාතිය බෙදා වෙන් කිරීමට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අද (08දා) පෙරවරුවේ කල්මුණේ, සයින්දමර්දු ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරින් සහ පළාතේ මුස්ලිම් තරුණ තරුණයන් හමු වෙමිනි.
මෙහි දී ජනාධිපතිවරයා අවධාරණය කළේ අපේ‍්‍රල් 21 වනදා සිදුවීම ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයක් නොව ජාත්‍යන්තරය හා සම්බන්ධ වූ ත්‍රස්ත කි්රයාවක් බවයි.
මෙම ජාත්‍යන්තර ත්‍රස්ත කණ්ඩායමට එරෙහිව ලොව බලවත් රටවල් නැඟී සිටියදී ඊට සම්බන්ධවූවන් මෙරටින් විනාශ කර දැමීමේ මෙහෙයුම් අපගේ ආරක්ෂක අංශ මේ වන විට සාර්ථක අවසානයක් කරා මෙහෙයවමින් සිටින බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
එබැවින් රටේ ජාතික සමඟිය සහ සංහිඳියාව පළුදුවන ආකාරයේ කි‍්‍රයාකාරකම්වලට සම්බන්ධවෙමින් ත්රස්තවාදයට කිසිදු ඉඩක් තැබීමට දායක නොවන ලෙස සියුදෙනාගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා රට තුළ ජාතික සමඟිය සහ සංහිඳියාව ශක්තිමත් කර ගැනීමට සියලුදෙනා කැප විය යුතු බව ද සඳහන් කළේය.
ආරක්ෂක අංශවල සිදුකරන ලද පැහැදිලි ප්රතිසංවිධාන වැඩපිළිවෙළ සමග මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ කටයුතු මේ වන විට නව මුහුණුවරක් සහ සැලැස්මක් ඔස්සේ කි‍්‍රයාත්මක වන බවත් එම වැඩපිළිවෙළ මඟින් සියලු පුරවැසියන්ට බියෙන්, සැකෙන් තොරව නිදහස් සමාජයක ජීවත්වීමේ අයිතිය තහවුරු කර තිබෙන බවත් ය.
ත්‍රස්තවාදය විනාශ කර දැමීම ආරක්ෂක අංශ සාර්ථකව සිදු කරද්දි මෙම සිදුවීම හමුවේ පසුබෑමට ලක් වූ ජන ජිවිතය යථා තත්ත්වයට ගෙන එමින් ජනතාව අතර බිය, සැක දුරුකොට විශ්වාසය සහ අවබෝධය ගොඩනැඟමට රාජ්‍ය නිලධාරින් මැදිහත් විය යුතු බව ද ජනාධිපවරයා කියා සිටියේය.
එසේම ඉස්ලාමීය ආගමික නායකයන්ගේ උපදෙස් හා මගපෙන්වීම අනුව මුස්ලිම් ජනතාවගේ ගැටලු සඳහා ලබාදිය හැකි සියලු විසදුම් ලබාදීමට කටයුතු කරන බවද ජනපතිවරයා සඳහන් කළේය.

popular news
-
Sam Wednesday, 08 May 2019 09:09 PM
Nathi parashna athi Alanna hadanawa
Reply : 1 2
shan Thursday, 09 May 2019 10:52 AM
මඩකලපුව විශ්වවිද්‍යාලය පෞද්ගලික සරසවියක් ලෙස පවත්වාගෙන යනවා - ජනපති සයින්දමරුදුහිදී පවසයි May 09 2019 00:00Hits 326 මඩකලපුව විශ්වවිද්‍යාලය පෞද්ගලික සරසවියක් ලෙස පවත්වාගෙන යනවා - ජනපති සයින්දමරුදුහිදී පවසයි මඩකලපුවේ ආරම්භ කළ විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නීති රීති යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (8 වැනිදා) පැවැසීය. .. ජනපති වරයාට මේ ආයතනය පුත්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගන ය හැකිනම් ඇයි සයිටම් එක එහෙම පවතවගන යන්න බැරි? දැන් මොකද දොස්තරලා නිහඩ සිංහල දරුවෝ ඉගෙන ගන්න එකද උන්ට තියන ප්‍රදාන ප්‍රස්නේ"ජී එම ඔ"එකේ ඉන්න උන් මැරිලද? සිංහලය හැර වෙන ඕනේ එකෙක් මේවා කල මුන්ට ගැටළුවක් නැතිද ? මේ ගැන ජනතාව හොදින් අවබෝද කරගත යුතුය මේ කරන්නේ රට විනාස උනත් සිංහලය විනසකර හෝ තමන්ගේ දේසපාලන බලය රැක ගැනීමේ හා මුස්ලින් චන්ද ලබා ගැනීමේ තුප්පහි අස්මච්ජති සක්කිලි කාර්යක් බව මුන්ට තවත් දේසපාලනේ ඉන්න ඉඩ නොදීමට ජනතාව වග බලා ගත යුතුයය තැනගේ බලය වෙනුවෙන් ජීවිත 350 විනාස වෙන්න ඉඩ දුන්නම් තව මොන කතාද?
Reply : 0 0
Champa Thursday, 09 May 2019 05:53 PM
මෙන්න අලුත් එකක් හදන්න හදනව. මුස්ලිම් ජනතාවගේ ගැටළු කියල අමුතු ජාතියක්. දෙමල මුස්ලිම්සුළු ජාතික ත්රස්තවාදීන් දෙගොල්ලම ඇති කලේ අධම දේශපාලකයන්. ඉස්සෙල්ලම තුරන් කරන්න ඕනේ මොවුන්. ලොව බලවත් රටවල් ත්රස්තවාදයට එරෙහිව "මේ පාර" නැගී හිටියේ ක්‍රිස්තියානි පල්ලි වලට ගහපු හින්ද. නැත්නම් බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ දළදා මාලිගාවට ත්රස්තවාදීන් ගැහැව්වා. ජය ශ්‍රී මහා බෝධියට ගැහැවා කෝ මේ වගේ ඒවාට විරුද්ධව බලවත් රටවල් නැගී හිටියද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

