මුස්ලිම් අමාත්‍යවරු ඉවත්වීමෙන් අගමැති ජාතිවාදි ප්‍රශ්නයක් ඇති කළා - SB
අන්තවාදි මිලේච්ජයන්ගේ පාස්කු ප්‍රහාරයෙන් පසුව සංඝයා වහන්සේලා බුද්ධිමතුන් හා ජනතාව අන්තවාදීන්ට එරෙහිව ගෙන ගිය සටන රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා හා රාවුෆ් හකිම්, කබිර් හෂිම් වැනි අය සමඟ සාකච්ඡා කර රජයයේ තනතුරු වලින් ඔවුන් ඉවත් විමෙන් මෙය මුස්ලිම් ජාතිවාදි ප්‍රශ්නයක් ලෙස හුවා දැක්විමට රනිල් අග්‍රාමාත්‍යවරයා ඇතුලු පිරිස කටයුතු කරනු ලබන බව එස් බි දිසානායක මහතා පවසයි.
එස්. බි දිසානායක මහතා මෙසේ පැවැසුවේ වර්තමානයේ උද්ගත වි ඇති තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරිම සඳහා අද (04) එතුමාගේ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ජාවකදීය.
අන්තවාදින්ට එරෙහිව ගෙන ගිය සටනට මුස්ලිම් ජාතිවාදය ඇතුල් කළේ කතෝලික, සිංහල, හින්දු ජනතාවගෙන් මුස්ලිම් ජනතාව වෙන් කිරිමට බවත් මේ මහා අපරාධය අගමැති රනිලුත් රාවුෆ් හකිනුත් කබිර් හෂීම් වගකිව යුතු බවත් මේ සියලු දෙනාම ඉවත් විම හරහා රජයට තර්ජනයක් කර ඇති බවද එස් බි දිසානායක මහතා පැවසීය.
පසුගිය 21 දා සිදුවෙච්ච අන්තවාදි මිලේච්ජයන්ගේ මිනිමරු ත්‍රස්තවාදි ප්‍රහාරයෙන් පසුව මේ රටේ ආණ්ඩුත් දේශපාලන පක්ෂත් ප්‍රධාන ජාතිය වු බෞද්ධ ජනතාවත් ක්‍රිස්ත්‍රියානි ජනතාවත් හින්දු ජනතාවත් මේ කුරිරු ප්‍රහාරය මුස්ලිම්වරු පිට නොපටවන්න විශාල උත්සාහයක් ගත් බවත් මේ සටන ඇරඹුනේ මේලේච්ඡ ප්‍රහාරයෙන් පසුව මේ අන්තවාදීන්ට ආරක්ෂාව දිපු අන්තවාදින්ට රැකවරණය දිපු අන්තවාදින්ගෙන් විශාල වශයෙන් මුදල් ගත්තු අන්තවාදීන්ට රාජ්‍ය රැකවරණය දිපු අන්තවාදින් එක්ක සම්බන්ධතා පවත්වාගෙන හිටපු දේශපාලන නායකයන් කිහිප දෙනෙකුට බවත් එය කිසි විටක මුස්ලිම් සාම්ප්‍රදායික ජනතාවට එරෙහිව ගෙන ගිය සටනක් නොවන බවද එස්. බි දිසානායක මහතා පැවසීය.
චමිල් රූපසිංහ

popular news
-
Champa Tuesday, 04 June 2019 06:36 PM
එහෙම වෙච්ච එක හොඳයි. ඔවුන් ඉවත් වෙච්ච එකෙන් මේක ජාතිවාදී ගැටුමක් කරගන්න ගියපු මිනිස්සුන්ගේ වෑයම අසාර්ථක වුනා. අනිත් එක මුස්ලිම් ආණ්ඩුකාරවරු අයින් කරගන්න මාරාන්තික උපවාසයක් කරන්න තරම් දෙයක් නෙමෙයි. ජනාධිපතිට ඕනේ හැටියේ අස් කරන්න ඉඩ තිබ්බ. හැබැයි ඒක පිටින් දාල මිනිස්සු අවුස්සන්න ජනාධිපතිට ඕනේ වුනා. ඒකයි කලේ. වහල් ආණ්ඩුව ගෙනාපු සියල්ලන්ම සහ ඔවුන්ට හවුල් වූ සියල්ලන්ම ප්‍රතික්ෂේප කල යුතුයි. ලංකාවේ ඊළඟ ජනාධිපති දේශපාලකයෙක් නොවෙන මිනිහෙක් වෙන්නම ඕනේ. දේශපාලකයෝ අවුරුදු 72ක් තිස්සේ කරපු බොරුව වෙනුවට, ඊළඟ චන්දෙ බලාගෙන හදන ප්‍රතිපත්ති වෙනුවට, රටවැසියා හැමදාම සුබ සාධන සහ ණය බරින් මිරිකී ජීවත් වීම වෙනුවට, නැවත කිසිදුදේශීය හෝ විදේශීය ණයක් නොගෙන, තියෙන සම්පත් වලින් ශක්තිමත් අත්තිවාරමක් උඩ රට ගොඩ නගන හැටි දේශපාලකයන්ට කියල දෙන්න අනිවාර්යයෙන්ම දේශපාලකයෙක් නොවෙන මිනිහෙක් රටේ ඊළඟ ජනාධිපති වෙන්න ඕනේ. ඊට පස්සේ පත් වෙන මිනිස්සුන්ට තියෙන්නේ ඒ හදල දුන්න පාර දිගේ යන එක.
Reply : 0 0
සුද්දී Tuesday, 04 June 2019 06:50 PM
ඉස්සර කාලෙක කට තිබුන පලියට අධිකරණයට අපහාස කරල මහ උලුගෙදර හිටියේ කවුද ලොක්කා.නැවත හදන්නේ ජාතීන් අතර භේදයක් ඇතිකරල බලයට එන්නනේද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

