ආණ්ඩුව නියෝජනය කරන සියලුම කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය මුස්ලිම් අමාත්‍යවරුන් එම ධුරවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තාවෙයි. කෙසේ වෙතත් ඔවුන් තවදුරටත් ආණ්ඩු පක්ෂයේ සිට කටයුතු කිරීමට නියමිතව තිබේ.
මේ පිළිබඳව සියලුම මුස්ලිම් මන්ත්‍රීවරුන් එක්ව සාකච්ඡාවක්ද පැවැත්වෙමින් සිටියි. මේ පිළිබඳව මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතාගෙන් හා අමාත්‍ය හලීම් මහතාගෙන් 'අද' කළ විමසුමකදී ඔවුන් සඳහන් කළේ තවමත් සාකච්ඡාව පවත්වමින් සිටින බවයි.
මේ අතර අරලිය ගහ මන්දිරයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතව තිබේ.
