මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාර නාම පුවරු මාර්ග සංවර්ධන අධිකාරියෙන් ගලවයි
මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ ප්‍රධාන නාම පුවරු දෙකම අද (14) දහවල් මුලතිව් මාර්ග සංවර්ධන අධිකාරියේ යැයි කියාගත් පිරිසක් ගලවා දැමූ බවට විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් පැවසීය.
මුලතිව් නයාරු ප්‍රධාන මාර්ගය අසල පිහිටි ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ නාම පුවරුව මාර්ගය අසල පන්සල් භූමියේ ඉදිකොට තිබුණද කිසිදු දැනුම් දීමක් නොමැතිව එකවරම මාර්ග සංවර්ධන අධිකාරියේ පිරිසක් විසින් අදාළ නාම පුවරු දෙකම ගලවා දැමූ බවත් නාම පුවරුව ගලවන අවස්ථාවේදී මුලතිව් පොලිස් නිලධාරීන්ද එම ස්ථානයේ සිටි බවට විහාරාධිපති හිමියන් පැවසීය.
ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ නාමපුවරුව ගලවන අවස්ථාවේදී ඒ පිළිබඳව විමසීමේදී මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පවසා ඇත්තේ අදාළ නාම පුවරු ඉදිකොට ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් භූමියේ බවත් ප්‍රධාන මාර්ගයේ සිට අඩි 15කට එපිටින් නාමපුවරු ඉදිකළ යුතු බවටත්ය.
අද (14) දින නාම පුවරුව ඉවත් කිරීමෙන් පසුව පන්සලේ නාම පුවරුවක් නොමැති බවටත් ඉතිරිව ඇත්තේ පසුගියදා අධිකරණ නියෝගයකට අනුව දේවාලයේ නම් කරන ලද නීරාවියඩි පිල්ලයාර් කෝවිලේ නම පමණක් බවද විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් වැඩිදුරටත් පැවසීය .

popular news
-
රංග Friday, 14 June 2019 07:28 PM
පෙනෙනා විදියට මේ පුවරුව තියෙන්නේ මාර්ගයට ඉතාම ආසන්න වෙන්න. ඕක ඉතිං ටිකක් පාරෙන් ඉවතට වෙන්න සවිකරගත්තා නම් ඉවරනි, මේ සුළු දේත් මහා ප්‍රවෘත්තියක් කරගෙන දගලන්නේ නැතිව.
Reply : 0 0
Kumar Friday, 14 June 2019 08:48 PM
නව ගුරුකන්ද විහාරස්ථානය ඉදිවෙන්න ඇත්තේ 2009න් පසුව වෙන්න ඇති. පරණ චන්ද්‍රිකා සේරු වලින් පෙන්නේ ඒ ආකාරයටය. එතැන ඉදරිපිට හමුදා කඳවුරක් තිබුනේ නැතිනම් ඒ ස්වාමින්වහන්සේ එතන වාසය යන එකක් නැතිවග සිතන්න පලුවන්. ලංකාවේ බෝ ගහක් තිබුනොත් තමන්ට අවසර නොතිබුනත් රජයේ ඉඩම්වල පන්සල් හදනවා. මුලතිවු පැත්තේ සිංහල කෙනෙකුට ගේදොර හදන්න ද්‍රවිඩ සන්දානය තහනම් කරලද?
Reply : 0 0
ranjith Friday, 14 June 2019 09:45 PM
සිංහල බෞද්ධ කම අපේ එකලට චන්ද ටික ගන්නවිතරඊ පන්සලක් තිබුනම මොකද කෝවිල් රට පුර තියෙන්නේ අපේ නිවට පාලකයන්ට තව දුරටත් චන්දෙ දීමෙන් පලක් වේවිද
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

