මුලතිව්හි කේපාපිලව් ප්රදේශයේ පිහිටි යුද හමුදා කඳවුර ආසන්නයේ ගව පට්ටියකට පැමිණි විශාල කිඹුලෙකු සහ තවත් කිඹුලෙකු අල්ලාගත් බවට මුලතිව් යුද හමුදා නිලධාරීන් පැවසූහ.
කේපාපිලව්හි පිහිටි ගව පට්ටියක් ආසන්නයේ සිටි ගවයින් දෙදෙනෙකු පිටුපස මෙම කිඹුලන් දෙදෙනා පන්නාගෙන පැමිණ ඇති අතර පසුව ඒ බව ප්රදේශවාසීන් විසින් යුද හමුදාවටද දැනුම් දී අදාළ කිඹුලන් දෙදෙනා අල්ලා ඇත.
එක් කිඹුලෙකු දිගින් අඩි 12.5 ක් හා අනෙක් කිඹුලා අඩි 9ක පමණ දිගින් යුක්ත වෙයි.
අනතුරුව ඒ බව යුද හමුදාව විසින් මුලතිව් වනජීවි නිලධාරීන් වෙතට දැනුම් දීමෙන් පසුව අදාළ ස්ථානයට පැමිණි වනජීවි නිලධාරීන් විසින් අදාළ කිඹුලන් දෙදෙනා අල්ලා මුලතිව් වවුනිකුලම් ජලපෝෂක ප්රදේශයකට රැගෙන ගොස් මුදා හැරීමට පියවර ගන්නා ලදි.
