මුලතිව් මුල්ලියාවලෙයි කොණ්ඩයිමඩු ප්රදේශයේ සඟවා තිබූ මෝටාර් උණ්ඩ 7ක් ඇතුළු යුද උපකරණ තොගයක් ඊයේ (09) සවස අධිකරණ නියෝගයකට අනුව විනාශ කර දැමීමට පියවර ගත් බවට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් පිරිසක් විසින් මුල්ලියාවලෙයි කොණ්ඩයිමඩු ප්රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී වළදමා සඟවා තිබූ මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 7ක් සහ තවත් මෝටාර් උණ්ඩ කිහිපයක කැබලි තොගයක් හමු වී ඇත.
ඊට අමතරව මුලතිව් කේපාපිලව් ප්රදේශයේදී පසුගිය 07 වනදා හමු වූ මෝටාර් උණ්ඩය හා ටී.56 ගිනිඅවියද ඊයේ (09) දින හමුවූ මෝටාර් උණ්ඩ තොගයද මුලතිව් අධිකරණ නියෝගයකට අනුව නිෂ්ක්රීය කිරීමට පියවර ගත් බවට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර පැවසීය.
