මුතු පන්තියට ආ නාඳුනන අමුත්තා
වනජීවි නිලධාරීන්ට පවා හඳුනා ගත නොහැකි පක්ෂීයකු මුතුපන්තිය දුපතේ පියඹා යාමට නොහැකිව රැදි සිටියදී ගම්වාසින් විසින් ආනවිළුන්දාව වනජීවි කාර්යාලයේ නිලධාරින්ට භාර දිමට අද (14) දින ( උදෑසන ) කටයුතු කර තිබුණි.
කිසිදු දිනක මෙරටට පැමිණ නැති දුර්ලභ ගණයේ පක්ෂියෙකු බවට තොරතුරු ඇති මෙම සත්වයා අනවිළුන්දාව රම්සා අභය භූමියට ආසන්නයෙන් මුතුපන්තිය දූපතට පැමිණ සිටියදී ගම්වාසීන් විසින් අල්ලා ගෙන වනජීවී නිලධාරීන්ට භාරදීමට කටයුතු කල බව කියයි.
මෙම පක්ෂීයාගේ තටු සැළලිහිණියකුට සමාන බවත් එක් තට්ටක් සෙන්ටිමිටර් 109 ක් දිගින් යුතු බවද වනජීවි නිලධාරින් පවසයි.
13 වැනිදා රාත්‍රියේ මෙම පක්ෂියා මුතුපන්තිය දූපතට පැමිණ ඇති අතර පසුව ගම්වාසීන් විසින් මෙම පක්ෂියාව සොයා ගෙන ඇති බව කියයි.
හොට සහ වළිගය දිය කාවෙකුගේ හැඩය ගන්නා මෙම පක්ෂියාගේ පාද රාජාළියෙකුගේ පාද වලට සමාන බව වන ජීවී නිලධාරීන් කියයි.
ආනවිළුන්දාව කුරුලු අභය භූමියට විවිධ සංචාරක පක්ෂීන් පැමිණ ඇති නමුත් මෙවැනි පක්ෂියෙකු කිසිදු දිනක දැක නොමැති බව ප්‍රදේශවාසීන් සහ වනජීවී නිලධාරීන් සඳහන් කරයි.
මෙම පක්ෂියාගේ සිරුරේ සුළු තුවාල කීපයක් දක්නට ඇති බැවින් එම සතාට ප්‍රතිකාර කිරීම සදහා වනජීවී දෙපාර්තමේන්තුවේ නිකවැරටිය පශු වෛද්‍ය ඒකකයට භාර දීමට කටයුතු කරන බව වනජීවී දෙපාර්තමේන්තුවේ ආනවිළුන්දාව අඩවි ආරක්ෂක ආර්.කේ .සෝමචන්ද්‍ර මහතා පවසා සිටියේය.
ඔහු පවසා සිටියේ මෙම පක්ෂියා තමන් ද කලින් කිසිම දිනක දැක නොමැති බවයි .
පුත්තලම - හිරාන් ප්‍රියංකර



popular news
-
Prashan Wednesday, 14 August 2019 09:21 PM
මේ සතා ට කියන්නේ Great frigatebird (Fregata Minor)කියල.ඉන්දියානු,atlantic සහ pacific සාගර කලාප වල ඉන්න මුහුදු පක්ෂී විශේෂයක්
Reply : 0 1
Kumar Wednesday, 14 August 2019 09:40 PM
මේ පක්ෂියාට කියන්නේ frigatebird කියලයි. අත්තටු දිගනිස ජිවිතයේ වැඩි කොටස ගත කරන්නෙ සාගරය උඩින් පියාසර කරමිනුයි.
Reply : 0 1
Champa Thursday, 15 August 2019 08:03 AM
හප්පේ..... කොහොමද හොටේ හැටි? තටුත් හරි ලොකුයිනේ නේද? හොටේ හැටියට නම් දඩයම් කරලා කෑම හොයන කුරුල්ලෙක් වගේ. මාළු වගේ සත්තු එහෙම්මම අල්ලන් කනවා වෙන්න පුළුවන්. හොටෙයි පෙඳෙයි දියකාවා වගේ කිව්වට ඒ වර්ගයේ කුරුල්ලන්ගේ කකුල් වල ඇඟිලි නිකම් එකට බැඳිලා වගේ තියෙන්නේ, නිකම් තාරාවන්ගේ වගේ. මෙයාට තියෙන්නේ රාජලියාගේ වගේ කකුල් නම් අර hornbill පවුලේ හරි toucan පවුලේ කුරුල්ලෙක්ද දන්නේ නැහැ. හැබැයි කළු පාට හින්ද එහෙමත් වෙන්න බැහැ. ගම්මු කුරුල්ලව දැකපු එක හොඳට ගියා. තුවාල වෙලා නම් සනීප කරලා යවන එකත් හොඳයි. මං ආසයි අපේ මිනිස්සු කුරුල්ලන් සහ සත්තුන් ගැන දයාවෙන් කරුණාවෙන් හිතන එක ගැන.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

