මුතුරාජවෙල LNG බලාගාරයක් ඉදිකිරීමට යයි
මුතුරාජවෙල තෙත්බිම තුළ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ඉන්දියාවේ එන්.ටී.පී.සී. සමාගම සමඟ එක්ව ඉදිකිරීමට සූදානම් වන ස්වාභාවික ද්‍රව වායු බලාගාරයකට (LNG) අක්කර 100 ක භූමියක් මුතුරාජවෙලින් වෙන් කරන ලෙස අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඇමතිතුමා පසුගිය 18 වෙනිදා කැබිනට් හමුවේදි යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වැසිවනාන්තර සුරැකින්න්ගේ සංගමය පවසයි.
මෙම LNG ව්‍යාපෘතිය මෙරට විදුලි අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වුවද, ඒ සඳහා මුතුරාජවෙල වැනි වටිනා පාරිසර පද්ධතික අක්කර 100ක් වැනි විශාල භූමියක් විනාශ කිරීම වැරදි තීන්දුවක් බව ඔවුන් සඳහන් කරයි.
ඉතා ඉහල ජෛව විවිධත්වයකට උරුමකම් කියන්නා වූ පරිසර පද්ධතියක් වන අතර එම තෙත්බිම හෙක්ටෙයාර 6300 ක පමණ ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව ඇත.
ස්වභාවික සම්පත් සංරක්ෂණය පිලිබඳ ජාත්‍යන්තර සංගමය (IUCN) ආයතනය මගින් සිදු කල අධ්‍යනයකින් සත්ත්ව විශේෂ 209ක්, ශාක විශේෂ 194 ක්,මත්ස්‍ය වර්ග 40 ක්, උභයජීවී විශේෂ 14 ක්, උරග විශේෂ 31 ක්, කුරුළු විශේෂ 102 ක් හා සමනල් විශේෂ 48 ක් මෙහිදී හඳුනාගෙන තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ වාර්ථා වන කඩොලාන විශේෂ22න් 18ක්ම මෙහිදී හඳුනාගෙන ඇත.

popular news
-
Niyas Sunday, 30 September 2018 02:14 PM
Oya sathwayan jeewath wenda one. Namuth palamuwa manussayan jeewath wiya yuthui. Rata dunuwena eka nawathwanna NGO kukko kuliyata kahinawa
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

