මුං ඇට හා රට කජු ආනයනය නැවැත්වීමට යයි
ඉදිරියේදි මුං ඇට හා රට කජු ආනයනය සම්පූර්ණයෙන් නවත්වන බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශිය වාරි ඉංජිනේරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍ය වරයා මේ පිළිබඳව පැවසීය.
“අපි හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර පහලොස්දාහක විශේෂ ව්‍යාපෘතියක් මඟින් මුං වගා කිරීමට බලාපොරොත්තු වෙනවා ඉන් පසුව ලබන වර්ශයේ සිට මුං ඇට ආනයනය කිරීමට අවශ්‍යය වන්නේ නෑ. ඉකුත් වර්ශයේ මෙට්‍රික් ටොන් දහදාහක් පමන අප ගෙන්වලා තියෙනවා. හම්බන්තොට ඒ නව ව්‍යාපෘතිය සමඟ ඉදිරියේදී මුං ඇට ආනයනය ට අවශ්‍යය වන්නේ නැ
ඒ වගේම යාපනය ,මුලතිව් ,කිලිනොච්චි දිස්ත්‍රික්ක වල කෘෂි නවීකරනය ව්‍යාපෘතිය මගින් රටකජු වගා කරලා තියෙනවා. එහි අස්වැන්න මෙට්‍රික් ටොන් තුන්දාහක් පමන බලාපොරොත්තු වෙන්න පුලුවන්.
දැන් සම්පූර්ණයෙන්ම මෙරටට උඳු ගෙන්වීම සම්පූර්ණයෙන්ම නතරවෙලා තියෙනවා. උඳු ගෙන්වනවානම් රු දෙසියක බද්දක,පාඩුවට තමයි ගෙන්වන්න වෙන්නේ . පිටරටින් උඳු ගෙන්වීම නැවැත්වීම අප ලැබූ ජයග්‍රහණයක් වන අතර ඒක අපේ රටේ උඳු ගෙවියා නඟා සිටුවීමට ලොකු අත්වැලක් .
විශ්වවිද්‍යාල මහාචාර්ය වරු කෘෂි විද්‍යාඥයින්ට මම උපදෙස් දුන්නා රටට අවශ්‍ය කෘෂිකාර්මික දත්ත සකසන්න කියලා .. ආනයනය කලයුතු බෝග, මෙරට නිෂ්පදනය කල යුතු ප්‍රමානය කොහොමද කියලා තීරනය කරන්න ගොවීන් දැනුවත් කරන්න.
අපි ඉදිරි සතිය තුළ වැඩසටහනක් සකසනවා.අපි පර්යේෂණ කරලා සොයගත් ඇතැම් දේ ගොවියා වෙත දැනුවත් කිරීමේ යාන්ත්‍රණය ක් තවම ගොඩනැගිලා නෑ.
යල් කන්නයටත් මාස තුන හතරක් කාලය ගතවන වී වගා කරනවා. නමුත් අපි පර්යේෂණ කරලා අපේ රටේ මාස දෙකහමාරේ පූදින වී හෙයාගෙන තියෙනවා නමුත් ඒ සොයාගැනීම් ගොවියා වෙත යන්නේ නෑ අපි ඒ සඳහා යාන්ත්‍රණයක් හදනවා,”

popular news
-
පුෂ්පකුමාර ධර්මප්‍රිය Saturday, 25 May 2019 06:35 PM
මේ විදිහටම ගම්මිරිස් ගෙන්වීම නතර කරනවා නම් කොච්චර වටිනා ක්‍රියාවක්ද. අපේ රටේ ගම්මිරිස් වලට ලෝකයේ කොයි තරම් ලොකු ඉල්ලුමක් තිබුණාද? දැන් එක එක කූට ව්‍යාපාරික අවශ්‍යතා නිසා විනාශ කරලාද? බලමුකෝ ගමෙන් ආපු ගමේ කම තියෙන කෙනෙක් විදිහට මේක මෙතුමා තේරුම් ගනිවිද කියලා...
Reply : 0 0
ranjith Sunday, 26 May 2019 06:24 AM
බර්ල ගම්මිරිස් ගෙන්වපු එකට මොනවද දුන් දඩුවම් රටේ දුප්පත් ගොවීන්ට හෙනගේහුවත් මුන්ගේ පන්දම් කාරයන්ට කීයක් හරි හම්බකරගන්න පුළුවන් උනොත් එති මුන්ට චන්දෙ දෙන්නේ මොන මෝඩයෝද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

