මී පැණි වල ගුණාත්මක බව හොයන්න මෙවලමක්
මී පැණිවල ගුණාත්මක බව පහසුවෙන් තීරණය කරගැනීමට හැකි මෙවලම් කට්ටලයක් කාර්මික තාක්ෂණ ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් නිර්මාණය කර තිබේ. එම ආයතනයේ පර්යේෂණ විද්‍යාඥයකු වන ආචාර්ය චන්දිම විජේසිරිවර්ධන මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් මෙම මෙවලම නිර්මාණය කර තිබේ.
මී පැණිවල ගුණාත්මක බව, ගබඩා කිරීම, උණුකිරීම, සීනි, බඹර පැණි වැනි ද්‍රව්‍ය මුසු කිරීම සහ අඩංගු තෙතමනය ප්‍රමාණය යන සාධක මත රදා පවතී. මෙවැනි සාධක මත තීරණය වන මී පැණි වල ගුණාත්මකභාවය SLS 464 - 2016 ප්‍රමිති නියමයට අනුකූල විය යුතු අතර මෙම ප්‍රමිති නිරීක්ෂණය සඳහා අදාල පරීක්ෂණ කටයුතු නියමිත රසායනාගාරයක් තුළ දීම සිදු කළ යුතුය.
එම ප්‍රායෝගික දුෂ්කරතාව මගහරවා ගැනීම සඳහා සරල ලෙස ක්ෂේත්රයේදී ම මී පැණිවල ගුණාත්මක බව නිවැරදිව තීරණය කිරීමට මෙම මෙවලම් කට්ටලය භාවිතයෙන් හැකියාව ලැබේ. ඒ සඳහා ගතවන කාලය ඉතා අවම වන අතර, එක් පරීක්ෂණ අවස්ථාවක් සදහා වැයවන පිරිවැය ද රුපියල් 100.00 වැනි අවම මුදලකට සීමා වේ.


popular news
-
Champa Wednesday, 13 November 2019 06:55 PM
මේක නම් ඉතාම හොඳ සොයා ගැනීමක්. වඩාත්ම වැදගත් දේ ඉතා අඩු මුදලකට සාමාන්‍ය මිනිහටත් මී පැණි වල ගුණාත්මක බව හොයා ගන්න ඉඩ ලබා දීල තියෙන එක. මේ වගේ පර්යේෂණ තවත් කරන්න හැකි විදිහට මෙවැනි පර්යේෂකයන් ආණ්ඩුව දිරිමත් කරන්න ඕනේ. වහල් ආණ්ඩුව නව නිපැයුම් ගැන පනතක් ගෙනල්ල තිබුන. මේ නව නිපැයුම් සියල්ලේ සම්පූරණ අයිතිය රජය යටතේ තියා ගන්න වැඩ පිළිවෙලක් අවශ්‍යයි. නැත්නම් අන්තිමට මේවායේ අයිතිය මුදලට නොරටුන් අතට පත් කරන්න ඉඩ තියෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

