මීතොටමුල්ල කුණු කන්ද පහත් කිරීම සඳහා 2015/2016 වර්ෂවල කුලියට ලබාගත් එස්කැවේටර් හා බුල්ඩෝසර් යන්ත්‍ර වෙනුවෙන් කොළඹ මහ නගර සභාව රුපියල් කෝටි 19 ¼ක මුදලක් වැය කර තිබේ.
වර්ෂ 2010දී මිලියන 34ක්, 2012 දී මිලියන 54ක්, 2013දී මිලියන 55, 2015 දී මිලියන 182ක් මේ සඳහා වැයකර ඇතත්, පසුගිය අප්‍රේල් මාසයේදී කුණු කන්ද නාය යාමෙන් ජීවිත ගණනාවක් හා දේපොළ විනාශයක් සිදුවිය.
මෙම වාහන බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි එකම ආයතනයකින් පමණක් කුලියට ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබේ.
දයාසීලි ලියනගේ (ඉරිදා ලංකාදීප ඇසුරෙනි)