ඉදිරියේදී පත්වන රාජ්‍ය අමාත්‍යවරුන්ටද වැඩ කිරීමට හැකිවන පරිදි වගකීම් වෙන්කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (22දා) පැවැසීය.
නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව එම කැබිනට් මණ්ඩලය අමතමින් ජනපතිවරයා මේ බව පැවැසීය.
“අපි අමාත්‍ය මණ්ඩලය 15ට සීමා කළා. ඒ අමාත්‍යවරුන් යටතේ රාජ්‍ය අමාත්‍යවරු පත්කිරීමට නියමිතය.
ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කරන්න සහාය දෙන්න කියලා.
මීට කලින් රාජ්‍ය අමාත්‍යවරු කිව්වේ අත්සන ප්‍රැක්ටිස් කළා විතරයි බලයක් තිබුණේ නෑ කිව්වා. මම කියනවා අමාත්‍යවරුන්ට ඒ අයට සම්පූර්ණ සහාය දෙන්න කියලා.”