2025.05.03 වන දින මිටියාගොඩ පොලිස් වසමේ තඹහිටිය ප්රදේශයේ අවන්හලක් ඉදිරිපිට සිටි පුද්ගලයන් දෙදෙනෙකුට යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයන් විසින් වෙඩි තබා ඝාතනය සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසිය මගින් විමර්ශන සිදු කරනු ලබයි.
2025.05.06 වන දින මීටියාගොඩ පොලිස් වසමේදී මීටියාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 27, 40 හා 44 වයස්වල පසුවන මීටියාගොඩ හා කහව ප්රදේශයේ පදිංචිකරුවන් වේ. මීටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.