මිල සුත්රයටත් වඩා භයානක සුත්‍රයක් ක්‍රියාත්මකයි - පිවිතුරු හෙළ උරුමය
මිල සුත්රයටත් වඩා භයානක සුත්‍රයක් මේ වන විට ක්‍රියාත්මක බව පිවිතුරු හෙළ උරුමයේ ප්රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද දින (31) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්රචාරක ලේකම්වරයා.
2019 පෙබරවාරි මාසයේ 4 වෙනිදා ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජන රජයේ හැත්තෑ එක්වන නිදහස් දිනය නොවන්නට ඉඩ තියෙනවා. ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී පෙඩරල් සමූහාණ්ඩුවේ නිදහස් දිනය බවට එම දිනය පත්වන්නට පුළුවන්. නව ව්‍යවස්ථාව පෙබරවාරි මාසයේ 4 වෙනිදා ට ප්‍රථම ව සම්මත කරගන්නා බවට මේ දිනවල සූරයන්ගෙත් සූරයා නොහොත් සූර චෞරයා ගේ චරිතයට පණ පොවන ද්විත්ව පුරවැසිධාරී ඒබ්රහිම් සුමන්තිරන් මන්ත්‍රීතුමන් කරන ප්රකාශයන්ට අනුව අපට එහෙම හැඟෙනවා.
මංගල සමරවීර මහතාගේ ඉන්ධන මිල සුත්‍රය ගැන බොහෝ දෙනා කතා වුණා. එම ඉන්ධන මිල සුත්රයටත් එහා ගිය බරපතළ සුත්‍රයක් දැන් ක්‍රියාත්මකයි. එය මිල සුත්‍රය නොවෙයි බල සුත්‍රයයි. හැබැයි ඉන්ධන මිල සුත්‍රය වගේ තේරුම් ගන්න අමාරු නැහැ මේ බල සුත්‍රය.
popular news
-
hemantha Monday, 31 December 2018 03:43 PM
මේ අය දිය කොරහේ කිබුල්ලු දකිනව.
Reply : 0 1
Priyantha Monday, 31 December 2018 03:45 PM
මේ දේශපාලන කිනිතුල්ලො ටික හැමදාම කරන්නෙ ලේ බොන මහ එකාගෙ බලය ගිලිහෙනකොට හරි ගිලිහෙන්න දගලනකොට හරි බුදු අම්මෝ කොටි නැගිටිනවා මන්ත්‍රය ජපකරන එකයි.මොන ව්‍යවස්තා ගෙනාවත් ඒක පාර්ලිමේන්තුවෙ 2/3 කින් සහ ජනමත විචාරණයකිනුත් සම්මත වෙන්න ඕන.ඒ නිසා මේවා බොරු අදෝනා මැක්කන්ගෙ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

