මිලියන 58ක රන් සමග කටුනායක සේවකයෙක් අත්අඩංගුවට
රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් (රුපියල් මිලියන 58 ) ක් වටිනා රන් බිස්කට් 65 ක්, තම සිරුරේ සඟවා ගෙන , කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ , ගුවන් තොටුපළ පෝටර්වරයෙකු අද (05දා) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
ගුවන් තොටුපළ තුළ මගීන්ගේ භාණ්ඩ ප්‍රවාහනයට සහාය වීමට සිටින මෙම පෝටර්වරුන් ගුවන් තොටුපළ තුළ රැදී සිටිති. 41 ක් හැවිරිදි වියේ පසුවන පෝටර්වරයා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර , මොහු පිළිබඳව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයට බුද්ධි තොරතුරු කල් ඇතිව ලැබී තිබුණි.
මෙම පෝටර්වරයා තම සිරුරේ, උදර ප්‍රදේශයේ, මෙම කිලෝ ග්රැම් 06 යි ග්රැම් 500 ක් බර , රන් බිස්කට් 65 බැදගෙන , කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය ඔස්සේ ගුවන් තොටුපළෙන් පිට කිරීමට රැගෙන යත් දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
