මිලියන 23ක හෙරොයින් කටුනායකදී අත්අඩංගුවට
රුපියල් දෙකෝටි හතලිස් පන් ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගීන් යුවළක් අද (15දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් දෙදෙනා 10/15 දින අලුයම 1.52 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ස්පයිසි ජෙට්ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , අලුයම 2.40 ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.
මොවුන් විසින් රැගෙන ආ ගමන් මල්ලක , ව්‍යාජ පතුලක් සකස් කර , ඒ තුළ කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 040 ක් බර බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් තොගය සගවා ගෙන තිබී ඇත.
පිරිමි පුද්ගලයා 2017 වසරේ සිට මේ දක්වා 08 වතාවක් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ ගොස් ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන තිබේ.
සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , රදවා තබාගෙන වැඩිදුර විමර්ශන කටයුතු කිරීම සදහා අවසර ලබා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පියවර ගනිමින් සිටිති.
ටී.කේ.ජී. කපිල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

